ඉන්ධන මිල සංශෝධනය මිල සූත්‍රයෙන් බැහැරව කළ දෙයක් – ඇමති නලින්ද පහදයි

0
3

කොළඹ LNW:ඉන්ධන මිල සංශෝධනයේදී මිල සූත්‍රය අනුව කටයුතු නොකළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

ලෝක වෙළෙඳපොළ තුළ සුළු උච්චාවචනයක් සිදුවූයේ නම් මිල සූත්‍රය අනුව කටයුතු කළ හැකි නමුත් මෙම තත්ත්වය මිල සූත්‍රය අනුව ගැලපීමට නොහැකි බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

“සාමාන්‍යයෙන් ලෝක වෙළෙඳපොළේ අඩු උච්චාවචනයක් වෙනවානම් මිල සූත්‍රයට ගලප්පන්න පුළුවන්. නමුත් මේ තත්ත්වය මිල සූත්‍රයෙන් ගලපන්න බෑ. ඒක ප්‍රමාණවත් වෙනවා 4-5ක අඩුවැඩි වීමක් වෙනවානම්.. නමුත් ඩොලර් 70-78ට තිබුණ තෙල් බැරල් එකක් ඩොලර් 130ට ගියාම මොන සූත්‍රයටවත් ගලප්පන්න බෑ. අපි බලමු මැයි පළවෙනිදාට මිල සූත්‍රයක් එනවා. සූත්‍රයට අනුව නෙමෙයි ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ පිරිපහදු කළ තෙල් මිල වැඩිවුණේ. ඒ සූතයෙන් ගණන් කරන්න බෑ මේ වෙලාවේ.” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

The post ඉන්ධන මිල සංශෝධනය මිල සූත්‍රයෙන් බැහැරව කළ දෙයක් – ඇමති නලින්ද පහදයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here