ඉන්ධන මිල සංශෝධනය කෙරේ – Saru News | සිංහල

0
4

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් රුපියල් 04කින්ද සුපිරි ඩීසල් රුපියල් 06කින්ද පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 01කින්ද ඉහළ දමා තිබේ.

එම මිල ඉහළ දැමීම් අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 281ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329ක් වේ. එමෙන්ම පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් රුපියල් 293ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම පෙට්‍රල් ඔක්ටේන් 95 සහ  භූමිතෙල් මිල නොවෙනස්ව පවතී.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 340ක මිලෙහි සහ භූමිතෙල් ලීටරටක් රුපියල් 182ක මිලෙහිම පවතී.


157

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here