බලපත්‍රයක් නොමැති ව නිවාසවල ඉන්ධන තොග රැස් කර තබා ගැනීම, නීති විරෝධී හා අවදානම් ක්‍රියාවක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් දැඩි ව නීතිය ක්‍රියාත්මක කරන බව අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේය.
ඊයේ (01) දිනයේ ද ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බවත්, මෙසේ තෙල් තොග රැස් කරන්නන් පිළිබඳ ව යම් තොරතුරක් ඇත්නම් ඒ ගැන පොලිසියට දැනුවත් කරන ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
Saru News















