ඉන්ධන ගැටළුව හමුවේ  සෞඛ්‍ය සේවය අඩපණ වියහැකි බවට GMOA අනතුරු අඟවයි

0
5

ඉන්ධන සීමා සහිත වීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවදානමක් ද මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම් ලබා දීම සඳහා වඩා ප්‍රායෝගික විසඳුමක්, පවතින ක්‍රමවේදය තුල ඉක්මනින් ලබා දිය යුතු අතර ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට ජනාධිපතිවරයාගෙන් ද ලිඛිතව ඉල්ලීමක් සිදු කර ඇති බවය.

එහෙත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලු කිසිදු වගකිවයුත්තෙක් මෙම ගැටලුව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව ඔවුන් පවසයි.

ඒ අනුව, පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් රට පුරා සියලු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෙට (17) දිනයේදී පැවැත්වීමට නියමිත බව දැනුම් දී ඇත.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාවද හෙට දිනයේදි ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සියලු කරුණු සමාලෝචනය කරමින් ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කරන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.

සම්පූර්ණ නිවේදනය පහතින්.

මේ අතර, වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයට අනුව ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

සේවා අවශ්‍යතාව මත නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

📌

 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here