ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට (ඡායා)

0
4

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක්  සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

මේ නෞකාව කොළඹ වරායට පැමිණියේ පෙරේදා (04) වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදු කෙරුණි.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස,ගෞරව් තිවාරි මහතා කටයුතු කරනු ලබයි. 

මීටර් 124ක් පමණ දිගින් යුත් මෙම යුද නෞකාවේ ආපදාවට ලක් වූ පළාත්වල සවි කිරීම සඳහා තාවකාලික පාලම් 10ක් රැගෙනවිත් ඇති අතර, ඒවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මෙම යුද නෞකාව මෙරට රැදී සිටින කාලසීමාව තුළ දෙරට අතර සුහදත්වය වැඩි දියුණු කරලීම වෙනුවෙන් සංවිධානය කර ඇති වැඩසටහන් සඳහා සහ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව බවද වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here