ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි දිවයිනට පැමිණෙයි

0
14


තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ තිබුණා.

‘ඉන්දියා වන්’ දරණ මෙම විශේෂ ගුවන් යානය  කටුනායක ගුවන් තොටුපොළ වෙත පස්වරු 08.33ට ළඟා වූ බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ඉන්දීය දූත පිරිස ලෙස 60 දෙනෙකු මෙම නිල සංචාරය සඳහා පැමිණ තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතු දමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සංචාරයේ නිරත වන බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here