ඉන්දීය අගමැති හෙට දිවයිනට

0
13


ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා හෙට (04) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හෙට දිනයේ ජනාධිපතිවරයා සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමේ උත්සවය හෙට පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙනවා.

ඉන්පසු ජනපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එම ද්වීපාර්ශවික සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සිදුකරන බවද අමාත්‍යවරයා පැවසුවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සාම්පූර් සුර්යබලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම, ආගමික ස්ථාන කිහිපයක් සඳහා සූර්යබල පද්ධති ලබා දීම සහ දඹුල්ල ශීතාගාරය විවෘත කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම හෙට සිදුකෙරෙනවා.

අනුරාධපුර සිට මහව දක්වා ඉන්දීය පරිත්‍යාගයක් ලෙස ඉදිකළ දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීම අනිද්දා (05) සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here