ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කොළඹදී ශ්‍රී ලාංකික දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමු වී තිබෙනවා.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ආර් සම්බන්ධන් මහතාගේ සහ මාවයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබඳව සිය ශෝකයද පළ කර තිබෙනවා.
අද (05) පස්වරුවේ එම හමුව සිදුව තිබෙන අතර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා හෙට (06) වැනිදා තෙක් මෙරටට රැඳී සිටිනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගනයකට බැඳීමක්” සංකල්පය යටතේයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම රාජ්‍ය සංචාරයට එක්ව සිටින්නේ.
Saru FM Media