ඉන්දියාව ගැන පරණමතේ අවසන් බව ටිල්වින් කියයි

0
4

ඉන්දියාව සම්බන්ධයෙන් සිය පක්ෂය දැරූ පැරණි ස්ථාවරය වෙනස් කිරීමට කාලය උදාවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා හින්දු පුවත්පතට පවසා තිබේ.

ඉන්දියාවේ සිදුකළ පළමු සංචාරයෙන් පසු ‘ද හින්දු’ පුවත්පතට අදහස් දක්වමින් සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, ඉන්දියාව කෙරෙහි ජවිපෙ දරන විරෝධි ගැටුම්කාරී ස්ථාවරය අතීතයට අයත් දෙයක් බවයි.

වර්තමාන ආණ්ඩු බලය පිහිටුවා ගෙන සිටින ජාතික ජන බලවේගයේ සන්ධානයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ, දැන් ඉන්දියාව මිතුරකු සහ විශ්වාසදායක සහකරුවකු සලකන බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් පවසා ඇත.

නවදිල්ලියේදී එරට විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමග ‘ඉතා මිත්‍රශීලී සාකච්ඡාවක්’ පැවැත්වූ බව සිල්වා මහතා සඳහන් කර තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දියාවේ දායකත්වය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවත් මෙහිදී සඳහන් කර ඇත.

අතීතයේදී ඉන්දියානු ව්‍යාප්තවාදය ජවිපෙ පන්ති පහෙන් එක් පන්තියක් විය.

(දිවයින)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here