ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි

0
16


ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (4) දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කර තිබෙනවා .

මෙලෙස දිවයිනට පැමිණි ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවක් වන ‘INS SAHYADRI’, දිගින් මීටර් 143 ක් හා නැව්මුළුව 320 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් රාජත් කුමාර් (Captain Rajat Kumar) කටයුතු කරනු ලබන බවයි වාර්තා වන්නේ .

‘INS SAHYADRI’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහ දිවයිනේ ආකර්ෂණිය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහභාගි වීමට නියමිතව තිබෙනවා .

තවද, නිල සංචාරය අවසන් කරමින් ‘INS SAHYADRI’ නෞකාව 2025 අප්‍රේල් මස 07 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here