ඉදිරි කන්නයේ වී මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් බව නියෝජ්‍ය ඇමති කියයි

0
4

රජය මගින් වී මිලදී ගැනීම් සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වන විටත් බොහෝ දිස්ත්‍රික්කයන් හි වී ගබඩා විවෘත කර ඇති අතර අස්වැන්න ලැබෙන ප්‍රමාණයන් අනුව ඉදිරි කටයුතු සැලසුම් කර ඇති බවය.

එමෙන්ම පසුගිය කන්නයේ මිලදී ගත් වී තොග ක්‍රමානුකූලය සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අද වෙනකොට බොහෝ දිස්ත්‍රික්කවල වී ගබඩා විවෘත කරලා අදාළ අස්වැන්න එන ප්‍රමාණය අනුව  බලල අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපි පසුගිය කන්නයේ මිලදී ගත් වී ක්‍රමානුකූලව සහල් බවට පත්කරලා වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළත් ආරම්භ කරලා තියෙනවා. වී වී මිලදී ගැනීමේ ක්‍රියාවලීන් අපි ආරම්භ කරලා තියෙනවා ගබඩා පහසුකම් අපි සකස් කරලා තියෙනවා ඒ නිසා අපිට ඉස්සරහට ගැටළුවක් නෑ.”

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here