ඉතාම කුඩා කල්ලියකට අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වනසන්න ඉඩදිය නොහැකි බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ, පසුගිය 17 වනදා මහනුවරදී පැවති අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කතිකාවට සම්බන්ධ වෙමිණි.
එම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ති‍්‍රක් විධායක සභික, නුවරඑළිය මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක රණවන ජනරජ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත‍්‍රපති, පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමිපානෝ, වරාය හා ගුවන්සේවා ඇමති ආචාර්ය අනුර කරුණාතිලක, ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, විදුහල්පති සේවා සංගමයේ ලේකම් සිසිර රාජපක්ෂ, සමාජ ක්‍රියාකාරිනී අනෝමා උඩුකුරුප්පු, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති පුෂ්පික විමුක්ති යන අයද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස,
“ලංකාව කෙටි කාලයක් තුළ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමේ වේගවත් ගමනක් යාමට අපට තිබෙනවා. ඉදිරි වසර කිහිපයේදී 7% ඉක්මවා ගිය ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමේ ඉලක්කය අපට තිබෙනවා. ආර්ථිකයේ පදනම සුනුවිසුනු කර තිබූ රටක ඒ පදනම ස්ථාවර කර ගන්න පසුගිය වසරේදී අපට හැකිවුණා. රජයේ සේවකයන්ට දැනෙන මූලික වැටුප් වැඩිවීමක් ලබා දිය හැකි වුණේ ඒ නිසයි. ඩොලර් බිලියන 4.1ක දැවැන්ත ව්‍යසනයක් සිදුවී තිබියදීත් ජනතාවට මේ තරම් සහන දිය හැකිව තිබෙන්නේ ඒ ආර්ථික පදනම දැමූ නිසයි. නමුත් වියට්නාමය, චීනය වගේ වේගවත් ආර්ථික ජයග‍්‍රහණ අත්කර ගැනීමේ වෙනුවෙන් අපේ රට සැලසුම් සහගතව මෙහෙයවන්න ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සහ රාජ්‍ය යාන්ත‍්‍රණය වගේම ව්‍යවසායක ප‍්‍රජාව සහ මහජනතාව එක්කර ගත් අඩිතාලමක් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් දැමිය යුතුයි. ජාතික සංවර්ධනයේ පදනම අධ්‍යාපනය තුළින් සකස් කර ගැනීම වෙනුවෙන් විෂය මාලා සංවර්ධනය සකස් කර තිබෙනවා. 2026න් පටන්ගෙන ක‍්‍රමානුකූලව 2023 වන විට පළවන ශ්‍රේණියේ සිට 5වන ශ්‍රේණිය දක්වා අනෙක් පැත්තෙන් 6වන ශ්‍රේණියේ සිට 10වන ශ්‍රේණිය දක්වාත් විෂය මාලා සංවර්ධනය සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කිරීම, අවශ්‍ය වෙනත් යටිතල පහසුකම් සැපයීම, මහජනතාවත් දැනුවත් කරමින් යාමේ ක‍්‍රමානුකූල වැඩසටහනක් අපි සකස් කර තිබෙනවා. මේ වසරේ පාසලට ඇතුළත් වන දරුවා පාසලෙන් පිටවෙන්නේ මේ රටේ සංවර්ධනයට අවශ්‍ය දැනුම කුසලතාවය සහ ආකල්පවලින් යුතු පරිපූර්ණ අධ්‍යාපනයක් ලැබූ දරුවෙක් හැටියටයි.
6 ශ්‍රේණියේ අලූත් ප‍්‍රතිසංස්කරණ තුළ විෂයයන් 15ක් තිබුණා. එයින් 14කටම මොඩියුල සකස් කර තිබෙනවා. ඒ අතර ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය කියලා මොඩියුලයක් තිබෙනවා. මේ විෂය ඔබ අපි කවුරුත් ඉගෙන ගත් එකක් නොවෙයි. නමුත් අපේ දරුවන්ට මග පෙන්වනවා නවෝත්පාදකයෙක් ව්‍යවසායකයෙක් බිහිවීම වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම සකස් කර ගන්න. අධ්‍යාපන මනෝ වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුව දරුවන් තමන්ගේ හැකියාවන් සහ දුර්වලතාවයන් හඳුනාගැනීමේ අභ්‍යාසය 6 ශ්‍රේණියේ පළමුවැනි වාරයේ දරුවන්ට ලබාදී තිබෙනවා. දරුවාගේ මානසික අභ්‍යාසයක් තුළ ඒ දරුවන්ගේ සිහිනය නිර්මාණය කර ගන්න ඉඩකඩ ලබාදී තිබෙනවා. එය බලහත්කාරයෙන් හෝ කටපාඩමෙන් කළ හැකි දෙයක් නොවෙයි. පියවරෙන් පියවර දරුවාම හඳුනා ගන්නා දෙයක්. ලංකාවේ සහ ලෝකයේ නවෝත්පාදන සහ ව්‍යවසායකයන් පිළිබඳ ඒ.ටී. ආරියරත්න, විකටර් හෙක්ටිගොඩ, අචලා සමරදිවාකර වගේම බිල්ගේට්ස්, ඊලොන්මක්ස්, මාර්ක් සකර්බර්ග් වැනි අය ගැනත් හඳුන්වාදී තිබෙනවා. තමන්ගේ සිහිනයක් සිතුවිල්ලක් බවට පත්කර ගෙන එය කි‍්‍රයාත්මක කිරීම දක්වා ගොස් ජයග‍්‍රහණ අත්කරගත් චරිත හඳුන්වාදී ඒ ඔස්සේ දරුවාගේ සිතුවිලි නිර්මාණය කර ගැනීමේ ඉඩ ලබාදී තිබෙනවා. මේ පොතේ අවසානයේ කුරුඳු, පැණි සමග මිශ‍්‍රකර ටොපියක් හැදීම දක්වා පරිකල්පන ලෝකය පුළුල් කර ගැනීමට අදාළ සාකච්ඡුාව ආරම්භයේදීම ලබා දෙනවා. මේ හැම පොතකින්ම අරමුණු සහගත කි‍්‍රයාවලියක් තුළින් 21වන සියවසෙන් ඔබ්බට ගොස් ලෝකයේ ජයග‍්‍රහණ අත්පත්කර ගත හැකි පුරවැසියෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් පෙළ ගස්වා තිබෙනවා.
අපේ සාරධර්ම සහ සංස්කෘතිය මත පදනම් වූ අනෙකා පිළිබඳ සහකම්පනයකින් යුක්ත විවිධ ජාතිකත්වය සහ ආගම්වලට ගරු කරන පුරවැසියෙකු නිර්මාණය කිරීම දක්වා පියවරෙන් පියවර යන්න පෙළ ගස්වා තිබෙනවා. දරුවෙක් වැඩෙනවා වගේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණත් වැඩෙමින් යන දිසාවට සකස් කර තිබෙනවා. මුළු සමාජයක්ම එක්වී දරුවෙකු රැුකගන්නවා වගේ කි‍්‍රයාකරනවා වෙනුවට ඉතාමත්ම සුළු කල්ලියක් මේ වැඩෙන දරුවාගේ සිරුරට විෂ බීජයක් එන්නත් කළා. අපි හඳුන්වා දී තිබෙන අධ්‍යාපන පරිවර්තනය අසූ ගණන්වල ප‍්‍රතිසංස්කරණවලින් පෙන්වන්නේ පුද්ගලීකරණය හෝ විකිණීම වෙනුවට ජාතික අරමුණුවලට සමගාවීම පෙළ ගස්වා තිබීමයි. විපක්ෂ නායකතුමා ”අධ්‍යාපන අසභ්‍යකරණය” යනුවෙන් අලූතින් වචන හඳුන්වාදී තිබෙනවා. රෝයල් යන්න හෝ ලන්ඩන්වල ස්කූල් ඔෆ් ඉකොනොමික් යන්න බැරි වුණු විමල් වීරවංශ සජිත් කියූ අධ්‍යාපන අසභ්‍යකරණය කියන දේ ග‍්‍රාමීය භාෂාවෙන් කීවා. හැබැයි මේ දෙන්නම කීවේ එකම දේ. නමුත් සජිත් පේ‍්‍රමදාස තාත්තා අගමැති වීම නිසා රෝයල් ගිහින් ලන්ඩන් ගියා. විමල්ට ඒ ටික කර ගන්න බැරි වුණා. නමුත් මේ අධ්‍යාපන පරිවර්තනයට අදාළ දේශපාලනයේදී දෙන්නාම නිවුන්නු බව කි‍්‍රයාවෙන් ඔප්පු කළා. රටක අනාගතය ගොඩනගන්න ගෙනත් තිබුණු අධ්‍යාපන පරිවර්තනය සම්බන්ධයෙන් ඔවුන් අල්ලා ගත් කෑල්ල 6 වසර ඉංගී‍්‍රසි විෂයට අදාළ මොඩියුලයක තිබෙන වගකීම් විරහිතව ඇතුළත් කළ වචනයක් අල්ලා ගෙන සියල්ලටම පහර දුන්නා. ඒ වගකීම් විරහිත නිලධාරීන් පිළිබඳව කි‍්‍රයාකිරීමේ බලය තිබෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයට. පනතේ හැටියට අධ්‍යාපන ඇමතිතුමියට හෝ අමාත්‍යාංශයට එම කි‍්‍රයාමාර්ග ගන්න බලයක් නැහැ. ජාතික අධ්‍යාපන ආයතනය මේ නිලධාරීන්ට නිසි ද`ඩුවම් ලබාදිය යුතුයි.
විෂය 14ට අදාළ මොඩියුල සියල්ලම ගත් විට අධ්‍යාපන අසභ්‍යකරණය කියලා හඳුන්වන්න තිබෙන්නේ එකම එක වචනයයි. තවත් එක්කෙනෙක් සමලිංගිකත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන උවමනාව පොත්වල පිටකවරයේ වර්ණ යෙදීමෙන් පේන බව කියා තිබුණා. හිටපු ජනාධිපතිගේ ආණ්ඩුකාරයෙක් වෙලා හිටි රජිත් කීර්ති තෙන්නකෝන් මේ පාට ගැන කියා තිබුණා. ඒගොල්ලෝ ගත්ත දෙවැනි උදාහරණය ඒකයි. තුන්වැනි උදාහරණයක් ගම්මන්පිල කියා තිබුණා. පළවැනි ශ්‍රේණියේ දරුවන්ට තිබෙන කි‍්‍රයාකාරකම් අතරින් ඇළ – දොළ, ගහ – කොළ, සතුන් ගැන බලන්න කියන අතර, දේදුන්න ගැනත් කියලා තිබෙනවා. දේදුන්නේ පාට කියන්නේ සමලිංගිකයන්ගේ පාට කියලා ඔහු කියා තිබුණා. අධ්‍යාපනය අසභ්‍යකරණය ගැන ඔවුන් තිදෙනා මේ වගේ අර්ථකථන දෙමින් සමස්ත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය නමැති වැඩෙන දරුවාට විෂ බීජ එන්නත් කළා. 21වන සියවසෙන් ඔබ්බට යන පුරවැසියා නිර්මාණය කරනවාට ඔවුන් කැමති නැහැ. ඒ සමාජ වෙනස වෙනුවෙන් පෙළ ගැසෙනවා වෙනුවට එයට එරෙහිව සජිත්, විමල්, දිලිත්, නාමල් සහ හාමුදුරුවන් වහන්සේලා කිහිපදෙනෙක් මේ විෂ බීජ එන්නත් කර, ප‍්‍රතිසංස්කරණ නමැති දරුවා මරා දාන්න පුළුවන් තරම් ධෛර්යය දානවා. ඒ වෙනුවෙන් මාධ්‍ය ආයතන කිහිපයකුත් වෙහෙස නොබලා කි‍්‍රයා කරනවා. දැනුවත් පුරවැසියක් නිර්මාණය වුණොත් පැලෝපීය නාල මිරිකලා වන්ද්‍යාකරණය කරන්න බැහැ කියලා පුරවැසියන් කල්පනා කරනවා. පොළොව පලාගෙන නයි මතුවෙන්නේ නැහැ කියලා ඒ දරුවන් කල්පනා කරනවා. සමෘද්ධිය දෙන්නම් කියලා ඒ ගොල්ලන්ගේ වැඩ කර ගන්න බැරි පරම්පරාවක් නිර්මාණය වෙනවාට ඒ ගොල්ලන් නැමති නැහැ.
ඉතාම කුඩා කල්ලියකට අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වනසන්න ඉඩදෙන්න බැහැ. එහෙම නම් ලබන වසර දක්වා 6 ශ්‍රේණියේ ප‍්‍රතිසංස්කරණ කල්දැමුවේ ඇයි? කියන ප‍්‍රශ්නය ඔබ සියලූ දෙනාට ඇති වෙනවා. හැමදෙනාම කැමති නොවී පාරක්, බෝක්කුවක් හදන්න පුළුවන්. හැම දෙනාම කැමති නොවී එන්නත් කරන්නත් පුළුවන්. නමුත් අධ්‍යාපනය කියන්නේ ඊටත් වඩා සංවේදී විෂයකාරණාවක්. අපේ රටේ ලක්ෂ 40ක් දරුවන්ගෙන් දරුවො ලක්ෂයකගේ දෙමාපියන් හරි මේ ප‍්‍රතිසංස්කරණ ගැන සැකයකින්, විචිකිච්චාවකින් දෙගිඩියාවකින් ඉන්නවා නම්, ඒ දෙමාපියන් හිතන පතන විදිහ දරුවාට සම්පේ‍්‍රෂණය වෙනවා. එතකොට දරුවා ඉන්නේ ප‍්‍රතිසංස්කරණ ගැන දෙගිඩියාවකින්. අපි සිදුකරන දැවැන්ත කි‍්‍රයාවලිය ඇතුලේ සීමිත දරුවන් පිරිසක් හෝ සැකයකින් සිටිනවා නම්, ඒ රටක් හැටියට අපි කර ගන්න බරපතළ අපරාධයක්. ඒ නිසා 6 ශ්‍රේණියේ මොඩියුල කි‍්‍රයාත්මක කිරීම මාස ගණනාවකින් පස්සට දාලා මේ වගේ හොඳ සංවාදයක් කරලා සජිත්, විමල්, නාමල්, දිලිත් සහ දේශපාලන කි‍්‍රයාකාරිකයෙක් වන හාමුදුරුනමක් ගෙන යන විෂ බීජ තුරන් කරන්න ඕනෑ. මේ වැනි තක්කඩි කි‍්‍රයාකාරකම්වලට ඉඩ නොදෙන ලෙස අපි මේ වැඬේ කරන්න ඕනෑ. චැනල් එකක් දෙකක් අල්ලා ගෙන ඔවුන් කරන දේවල්වලට අපි අදහස්වලින් ගැටී පරාජය කර, මේ ප‍්‍රතිසංස්කරණ මගින් අනාගත සංවර්ධනයේ අඩිතාලම ශක්තිමත් ලෙස ජයග‍්‍රාහීව නිමාකරමු කියන ඉල්ලීම සියලූ දෙනාගෙන්ම කරනවා.”












68
Saru News








