ඇමෙරිකාවේ පැවති ලෝක තේ ප්‍රදර්ශනයේදී එහි ප්‍රධානතම සම්මානය ඇතුළු සම්මාන 09 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.
වර්ල්ඩ් ටී එක්ස්පෝ ප්‍රදර්ශනය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පසුගියදා පැවැත්වුණා.
ඊට සමගාමීව ග්ලෝබල් ටී චැම්පියන්ෂිප් තරගයෙන් ලොව තේ නිෂ්පාදනය කරන සියලු රටවල් අභිබවමින් පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවේ තේවලට හැකි වුණා.
එහි ප්‍රධානතම සම්මානය වන ග්ලෝබල් ටී චැම්පියන් ෂිප් 2025 ඇතුළු විශේෂ තේ සම්මාන 09 ක් දිනාගැනීමට හැකි වූයේ දෙනියාය පල්ලේගම ලුම්බිනි තේ කම්හලටයි.
එහි කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ජයවර්ධන මහතා මෙම සම්මානය රැගෙන පැමිණි අවස්ථාවේ ඔහු පිලිගැනීම සඳහා දෙණියායේදී උත්සවයක් පැවැත්වුණා.
ඒ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහකාර කොමසාරිස් ඩබ්ලිව් එම්.එස් විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
සම්මාන රැගෙන පැමිණි පිරිස දෙණියාය නගරයේ සිට රිය පෙරහැරකින් තේ කම්හල වෙත කැඳවාගෙන එනු ලැබුවා.
Saru FM Media