ඇමරිකාවේ හෙලිකොපටරයක් කඩා වැටීමෙන් එකම පවුලේ හයක් මරුට!

0
20


කොළඹ LNW: ඇමරිකාවේ නිව්යෝර්ක් හි හෙලිකොපරයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් හයදෙනෙක් මියගොස් තිබේ.

ඇමරිකානු බලධාරීන් නිවේදනය කර ඇත්තේ සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරය නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

මියගිය අය අතර හෙලිකොප්ටරයේ නියමුවා හැර එහි ගමන්ගත් සෙසු පස්දෙනා ස්පාඤ්ඤ ජාතික එකම පවුලේ අය වන අතර තිදෙනෙක් කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ගුවනේදී දෝෂයකට ලක්වන හෙලිකොප්ටරය උඩුයටිකුරු වෙමින් ගඟට කඩා වැටී ඇති බවයි.

හෙලිකොප්ටරය නිව්ජර්සි වෙරළ තීරය දිගේ ගමන් කිරීම සඳහා ජෝර්ජ් වොෂින්ටන් පාලම අසලදී හැරවීමෙන් පසු එය පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව අනතුරට හේතුව ලෙස මේ වන විට වාර්තා කර ඇත.

මීට පෙරද නිව්යෝර්ක් නගරයේ මාරාන්තික සංචාරක හෙලිකොප්ටර් අනතුරු දෙකක් වාර්තා වී තිබේ. 2018 දී සංචාරක හෙලිකොප්ටරයක් ​​නැගෙනහිර ගඟට කඩා වැටී එහි සිටි පස් දෙනෙක් දියේ ගිලී මිය ගොස් ඇති අතර එහිදී දිවි ගලවා ගෙන ඇත්තේ නියමුවා පමණි.

2009 දී ඉතාලි සංචාරකයින් රැගත් හෙලිකොප්ටරයක් ​​හඩ්සන් ගඟට ඉහළින් පෞද්ගලික ගුවන් යානයක ගැටීමෙන් නව දෙනෙකු මිය ගොස් ඇත.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here