නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW:
ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව ජීවත්වන සතුරන්ය.එහෙත් මේ සතුරුකම් දේශපාලනික වශයෙන් පමණක් තබා නොගෙන මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී කවුරුන් හෝ මහත්මයෙකු ලෙස හැසිරෙන්නට උත්සාහ කරන්නේනම් මේ රටවල් තුනටම පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩා කරන සියළුම රටවල ක්‍රීඩාවට වෙනත් බලපෑමකට යටත්ව කටයුතු කරන්නට වීමේ අවදානමක් ඇත.
මේ මොහොතේ තවමත් විශාල ජනප්‍රියත්වයක් ඇමෙරිකාවේ නැතත්,ඇමෙරිකාවේ ක්‍රිකට් නැගිටිමින් ඇත.ඒ අඩු ආකර්ශණය නිසා දෝ තවමත් මේ දේශපාලනික මැදිහත්වීම් කෙරෙහි ට්‍රම්ප්ගේ අවධානය යොමු වි නැත.භූ දේශපාලන කාරණා මත ක්‍රිකට් හසුරුවන යාන්ත්‍රණයන්ට විරුද්ධව ට්‍රම්ප්ට මැදිහත් වෙන ලෙස හෝ ඇමෙරිකාවට අත පෙවිමේ ඉඩක් සැකසීම මේ වන විට ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සිඳු කරමින් තිබෙන බවක් පෙනෙයි.
මේ ගැටළුකාරී තත්ත්වයන් සෘජුවම ආරක්ෂාව ගැන සැකයක් ඇති කර ගන්නට ඉඩකඩ සකස් කරන්නේය.එය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පොලිස් මොළයට මේ ලෝක කුසලානය ඇතුළට රිංගන්නට ලැබෙන හොඳ ඉඩක්ය.එය ලෝක සූරතාවය දිනා ගනු ඇතැයි සිතිය නොහැකි ඇමෙරිකාවට තරගාවලියෙන් ඉවත් වෙන්නට සිඳු වුව ද,දේශපාලනික ආක්‍රමණය සඳහා හයේ පහරක් එල්ල කරන්නට ලැබෙන පුල්ටොස් පන්දුවක් විය හැකිය.
දැන් තත්ත්වය මත පකිස්තානය ඉන්දියාව සමඟ තරග නොකිරිම ප්‍රකාශ කිරීම මෙන් අයිසීසී ය ඒ පිළිබදව කරන කනස්සල්ල ප්‍රකාශ කිරිම යන කාරණාවන් දෙකම මේ මට්ටමට එහා යන දේශපාලන ගැටළුවකට අත පෙවීමක්ය.මේ ආකාරයට හදාගන්නා හිදැස්වලින් යැංකි අත රිංගවන්නට පටන් ගත්තොත් එය නැවතෙනු ඇත්තේ ඔළුව දක්වාම ඔබා අවසානයේය.ක්‍රිකට්වලට හෝ ඉන්දියාවේ,පකිස්තානයේ,බංගලාදේශයේ දේශපාලනයට කිිසිඳු සම්බන්ධයක් නැති අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්නට කරන මේ ආරාධනයේ ප්‍රතිපලවල නරක ආදීනව ශ්‍රී ලංකාව වැනි ඉනදියානු සාගරය ආශ්‍රිතව විශාල වශයෙන් රටේ ජනතාවගේ පරිභෝජනය සකස් වි ඇති රටකට ද දැනෙන්නට තියෙව ඉඩ වැඩිය.එසේම දෙපාර්ශවයම හවුල්කරුවෙකු කර ගන්නට උත්සාහ කරනවා මෙන්ම දෙපාර්ශවයේම සැකකරුවෙකු වන්නට ද ශ්‍රී ලංකාවට සිඳුවෙනවා ඇත.
Our Brand Is Crisis වැනි චිත්‍රපටයකින් දෙන පණිවිඩය හෝ මේ රටවල් තේරුම් ගැනීම අතිශයින් වැදගත්ය.ඇමෙරිකානු දේශපාලනයේ ආක්‍රමණයන් නිර්මාණාත්මකව විසදුම් පමණක් ලබා දෙන්නේ නැත.ප්‍රශ්නද නිර්මාණය කරනු ඇත.ඒ නිසා අයිසීසී ය මේ හිරවෙන්න යන්නේ ඉන්දියාවටත් වඩා භයානක බලපෑමකටය.තවම හිස ඔසවා මේ දෙස බලා නැත.එ් ක්‍රිකට් ජනාධිපතිවරයාට ප්‍රිය එකක් නොවන නිසා විය හැකිය.එහෙත් කළාපීය වශයෙන් මේ ගැටළුවට ඇති දේශපාලනික මුහුණුවර,ගැටුම්කාරී තත්ත්වයන් තුළින් ජනතාවට පීඩනයක් ඇති වන තත්ත්වයක් දක්වා වර්ධනය වීමට අවශ්‍යය මෙහි ඇති පසුබිම නිර්මාණය කර ගැනීම ඇමෙරිකාවට අපහසු නොවනු ඇත.
තව දින කිහිපයකින් ඉතාලියේ ආරම්භ වන්නට නියමිත ශිත සෘතු ඔලිම්පික් උළෙලටත් ඇමෙරිකාවේ නිලධාරීන්ගේ ආරක්ෂාවට යැයි කියමින් එරට ආගමන විගමන නිලධාරීන් සහ රේගු නිරීක්ෂන නිලධාරීන් ඉතාලියට ඇතුල් වී සිටීම එම ක්‍රීඩා උළෙලට විශාල ප්‍රශ්නයක්ව තිබෙන මොහොතේ දකුණු ආසියාවේ දේශපාලන ආරක්ෂකයා වෙන්නට පුරප්පාඩු හදමින් සිටින ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය කළාපය අනතුරේ හෙළමින් තිබෙන බවක් හැඟෙන්නේය.
Saru News








