කුවේට් නගරයට සැතපුම් 19ක් බටහිරින් පිහිටි අල්-ජහ්රා (al-Jahra) නගරයට ඉහළින් ඇමෙරිකන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්, ඉරාන ප්‍රහාරයකින් හානි සිදුවී බිමට පතිත විය.
කඩා වැටුණේ ඇමෙරිකන් හමුදාවට අයත් F-15 වර්ගයේ ප්‍රහාරක යානයක් බව පැවැසෙයි.
යානයේ නියමුවා යානයෙන් පිටතට පැන දිවි බේරාගෙන තිබේ.
F-15 වර්ගයේ එම ප්‍රහාරක යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.
Saru News
















