මේ දිනවල විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීමකට අනුව යුරෝපයේ සංචාරයක යෙදී සිටින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක සහ බෙල්ජියමේ ප්‍රවාහන සහ පරිසර අමාත්‍ය Jean-Luc Crucke (ෂෝ-ලුක් කෘක) අතර හමුවක් පසුගිය 23 වනදා පවත්වා තිබේ.
එම අමාත්‍යාංශයේදී සිදුකළ මෙම හමුවේදි පැවති වී ද්වි පාර්ෂික සාකච්චාවේදී ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක විසින් තම අමාත්‍යාංශය යටතේ ක්‍රියාතමක වන ආයතනයන් පිළිබඳවබෙල්ජියමේ ප්‍රවාහන ඇමති ෂෝ-ලුක් දැනුවත් කර ඇති අතර ඒවායේ ඇති ආයෝජන අවස්ථාවන් පිළිබදවද ඔහුව දැනුවත් කොට ඇත.
එහිදී බෙල්ජියමේ ප්‍රවාහන ඇමති ෂෝ-ලුක් විසින්, ඉදිරියේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව ඊට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සැකසීමට දෙදෙනාම එකඟතාවට පැමිණ ඇත.
මෙම සාකච්චාව සඳහා බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති චන්දන වීරසේන ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.




385
Saru News















