ඇඳුම් සේදීමේදී වන හානිය අවම කර වැඩි කලක් ඇඳුම් පරෙස්සම් කර ගන්නෙ මෙහෙමයි.

0
14


අප එදිනෙදා අප ගේ ඇඳුම් පැළඳුම් සඳහා සෑහෙන මුදලක් වියදම් කරනවා.ඉතින් ඒවා දිගු කලක්,පරණ පෙනුමකින් තොර ව භාවිතා කිරීමට හැකි නම් එය අපේ ආර්ථිකය සඳහා විශාල පිටිවහලක් වනවා .ඉතින් මේ මග පෙන්වීම ඒ සඳහා යි.

අප ඇඳුම් වඩාත් පරිස්සමින් පාවිච්චි කිරීම ආරම්භ කරන්නේ මිලදී ගැනීමත් සමඟ ම බව අමතක කරන්න එපා.ඒ නිසා ඇඳුම් මිලදී ගැනීමේ දී මෙන්න මේ ගැන සැලකිලිමත් වන්න.

1.නිමවා ඇති රෙදි වර්ගයේ ගුණාත්මක බව
2.ඇඳුමට අදාළ තාක්ෂණික විස්තර ලේබලයෙන් සටහන් වී ඇති දැයි යන්න .
3.විශ්වාස තැබිය හැකි නිෂ්පාදනය .

1.ලේබලයේ සටහන් උශ්ණත්වයට පමණක් අයන් කිරීම සිදු කරන්න .
ඒ ඒ රෙදි වර්ග ඒ සඳහා ආරක්ෂිත උෂ්ණත්ව පරිමාණය

ලිනන් -445F
කොට්න් -400F
විස්කෝස්/රෙයොන් -375F
වූල් – 300F
ඇක්‍රිලික් -275F
පොලියෙස්ටර් -300F
සිල්ක් – 300F
නයිලෝන් – 275F

2.අධික අව්ව හෝ තාපයට නිරාවරණය නොවෙන්න.
3.විවිධ පැල්ලම් හෝ අපිරිසිදු තැන් වලදී සැලකිලිමත් වෙන්න.
4.මේකප් කිරීමෙන් පසුව ඇඳුම් ඇඳ ගැනිමට වගබලා ගන්න .
5.කිලිටි ඇදුම් සේදීමට පෙර ගුලිකර බාස්කට් එකක දමනවා වෙනුවට hanger එකක එල්ලා තබන්න .

1.අතින් හෝදන්න .මැෂිමෙන් සේදීමට වඩා කල් පැවැත්ම වැඩියි.
2.වතුර ඉවත් කිරීම සඳහා තදින් මිරිකන්න ට එපා .ඔබට රෙදි සෝදන යන්ත්‍රයක් තිබෙනවා නම් එහි තත්පර කිහිපයක් පමණක් වෙලා ගන්න .
3.සීතල වතුරෙන් සෝදන්න .උණුසුම් වතුර ඇඳුමේ පැහැයට වගේම නිමවා ඇති නූල් වලට හානි කිරීමට සමත් .
4.වර්න සහ රෙදි වර්ග අනුව වෙන්කර සෝදන්න.
5.නොපිට හරවා සෝදාන්න.
6.සැර නැති ඩිටර්ජන්ට් වර්ගය ක් තෝරාගන්න .
7.ෆැබ්‍රික් කන්ඩිශනර් භාවිතා කරන්න .
8.සේදීම පිලිබඳ ලේබලයේ උපදෙස් පිලිපදින්න.
9.බ්ලීචින් හෝ රසායනික යෙදීමෙන් වලකින්න .

1.අධික අවුවේ වියලීම සිදු කරන්නට එපා .
2.සමහර ඇඳුම් ඩ්‍රයි ක්ලීන් කිරීම මගින් දිගු කාලයක් පාවිච්චි කිරීමට පුළුවන්.
3.මද පවනේ වේලා ගන්න .
4.ඇඳුම් වෙලා ගැනීමේදී අනිවාර්යයෙන්ම hangersභාවිතා කරන්න.
5.වේළුණු පසු ඉක්මණින්ම ඇතුලට ගන්න .නිසි පරිදි අසුරන්න.

1.එකින් එක සමග කිටි කිටියේ තෙරපෙන ලෙස ඇසිරීමෙන් වලකින්න.ඒවා අතර පරතරයක් තබා ගන්න.

මේ අර පරිස්සම ලෝබ කමක් ලෙසට නොව ඉතිරි කිරීමක් ලෙසට කිරීමට වගබලාගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here