තැලසීමියා රෝගීන් සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් මෙම වසරේදී මහනුවර ජාතික රෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි පවසයි.
මෙම සැත්කම ඉන්දියාවේදී සිදුකිරීමට රුපියල් කෝටියක පමණ මුදලක් වැය කරන්නට සිදුවන බවත් මහනුවර ආරම්භ කරන ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය සඳහා අවශ්‍යය මුදල් වෙන්කර අවසන් බවත් ඔහු පැවසීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමති, ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයේ වැඩ කිරීම සඳහා යොදවන කාර්ය මණ්ඩලය ඉන්දියාවට යවා විශේෂ පුහුණුවක් ලබා දීමට සැලසුම් කර ඇතැයිද අවධාරණය කළේය.
මහනුවර ජාතික රෝහලේ දැනට පවතින එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ යන්ත්‍ර දෙකෙන් එකක් ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයේ පසුවන බවත් මෙම වසර අවසාන වීමට පෙර තවත් අලුතින් එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 03ක් ලබා දීමට පියවර ගන්නා බවත් කී නියෝජ්‍ය ඇමති එම යන්ත්‍ර ලැබීමත් සමඟ මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා දැනට තිබෙන පොරොත්තු ලේඛණය අඩුකර ගැනීමට හැකිවනු ඇතැයිද පැවසුවේය.
මහනුවර පිළිකා රෝහලේ වැඩකටයුතු අවසන් කිරීම සඳහා ඉදිරි වසර තුනක කාලයේදී මිලියන 2,000ක මුදලක් වැය කරන බවත් ඒ සඳහා අවශ්‍යය උපකරණ මිලට ගැනීමට තවත් රුපියල් මිලියන 1,500ක් වැය කිරීමට අපේක්ෂා කරන බවත් පැවසීය.
1
Saru News








