ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නව අධ්‍යක්ෂවරිය ෂැනන්

0
4

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සදහාවන නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) පත් කර තිබේ.

ඇය ඊයේ (09) කොළඹ, ආසියානු සංවර්ධන බැංකු කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තාය.

ආසියානු සංවර්ධන බැංකුවේ නව ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරිය ලෙස පත් කිරීමට ලැබීම මට ගෞරවයක් බවත්, වසර ගණනාවක් තිස්සේ, ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක හවුල්කරුවෙකු වී ඇති බවත් වැඩභාර ගනිමින් කව්ලින් මෙනෙවිය පැවසුවාය.

කව්ලින් මෙනෙවිය ආසියානු සංවර්ධන බැංකුව සමඟ වසර 13 ක් ඇතුළුව වසර 26 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here