ආසියානු බොක්සිං සභාපතිට එරෙහිව ලෝකයට කරුණු දක්වන්න නීති කේෂ්ත්‍රය සූදානමක්

0
6


නිශ්මං රණසිංහ මැයි 17, කොළඹ LNW:

ආසියානු බොක්සිං සභාපතිවරයා රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය මේ දක්වා ගෙන ඇති ක්‍රියා මාර්ගවලට බලපෑමක් ඇති වන ආකාරයේ නියෝග ලබා දෙමින් ලියූ ලිපියක් ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට ද යොමු කිරීමෙන් ඔහු රටේ නීතියට අපහාස වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට ලෝක ක්‍රීඩා සංවිධානවලට දැණුම් දෙන්නට ශ්‍රී ලංකාවේ නීති කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිසකගේ අවධානය යොමු වී තිබෙනවා.

පවතින ව්‍යවස්ථාව නොසළකා හරිමින් ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාගයට ගැනීමේදී, අධිකරණයේදී ඇති වූ එකඟතා මත අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිලවරණයක් පැවත්වීමේ එකඟතාවය බිඳිමින්,ආසියානු රගර් සභාපතිවරයාගේ ලිපියක් පාදක කරගෙන අධිකරණයට කරුණු නොදන්වා නිලවරණය කල් දමා ඇත.ඒ ආකාරයෙන් හැසිරිමෙන් අධිකරණයට අපහාස කිරීම පිළිබදව චෝදනාවක් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එල්ල වී ඇත.එහි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී නීතිපතිවරයාට බලපෑමක් එල්ල වන පරිදි රටේ ක්‍රීඩා ඇමතිවරයාට සහ ඔලිම්පික් කමිටු සභාපතිවරයාට කොන්දේසි පනවමින් ආසියානු සභාපතිවරයා ලිපියක් ලිවීමෙන් ද කර ඇත්තේ මෙරට නීතිය හෑල්ලුවට පත් කිරීම සහ බලපෑමක් ඇති කිරීම බව එම නීති කේෂ්ත්‍රෙය් පිරිසගේ අදහසය.

රටක නීතියට අනුව ගනු ලබන තීරණ විවේචනය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර සංගමයකට බලපෑම් කළ නොහැකි බව එම නීති කේෂ්ත්‍රයේ පිරිසගේ අදහස වන අතර ශ්‍රී ලංකාවේ රගර් ක්‍රිඩාව ව්‍යාප්ත කිරීමට අවශ්‍යය පරිදි එහි නීතිමය රාමුව සහ බලය තව දුරටත් ප්‍රසාරණය කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය ගැනීම පොළවට සාපේක්ෂව තීරණය විය යුතුය යන්න ද ඔවුන්ගේ අදහසය.එම බලය සීමා කිරීමෙන් රටේ අන් විශාල කොටසකට රගර් ක්‍රීඩා කිරීමේ අවස්ථාවන් අහිමි විම හෝ සීමා වීම සිඳුවිය හැකි බවත් පෙන්වා දෙන නීති කේෂ්ත්‍රෙය් අය රටේ ජනතාවට රගර් ක්‍රීඩාවේ අයිතිය ලබා දීම වෙනුවට ඉතා සුණ පිරිසකගේ බලයට යටත් කරන්නැයි ජාත්‍යන්තර වශයෙන් එන බලපෑමකදී රටේ ක්‍රීඩා ප්‍රතිපත්තිය අනුව එසේ කළ නොහැකි බව පෙන්වා දීම වෙනුවට ඔවුන්ගේ අත පල්ලෙන් වැටී කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් ගැන ද කණගාටු වන බවත්,ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කරන අතරේ ඒ බව රටේ ජනාධිපතිවරයාටත් දැණුම් දීමට තමන් අපේක්ෂා කරන බවත් එම නීතිවේදීහු පෙන්වා දෙති.

මේ වන විටත් අසාධාරණ ලෙස ආසියාතික රටවල රගර් ක්‍රීඩාවට සහ පුද්ගලයන්ට බලපෑම් ඇති කිරීම ගැන චෝදනා ආසියානු සභාපතිවරයාට එල්ල වී තිබෙන අතර ජපානය සම්බන්ධයෙන් ඔහුගේ නායකත්වයෙන් යුත් පරිපාලනය ගත් තීරණය වැරදි බව ලෝක රගර් සම්මේලනයම පිළිගෙන ඇත.ඒ නිසා යහපත් පාලකයෙක් ලෙස තීරණ ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් ගැටළු ඇති කරගෙන සිටින ආසියානු රගර් පාලකයා තමන්ගේ බලය රටවල නීතියට බලපෑම් ඇති කිරීමට යොදා ගනිමින් සිටීම අප්‍රසන්න තත්ත්වයක් බව පෙන්වා දෙන එම නීතිවේදීන් මේ සම්බන්ධයෙන් ලෝක රගර් සම්මේලනයට,ආසියානු ඔලිම්පික් කමිටුවට,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට වැනි ආයතනවලට පුරවැසියන්ගේ අයිතිය වෙනුවෙන් මෙරට නීතියට අනුව ස්වාධීනව කටයුතු කිරිමට නොදි ආසියානු රගර් සභාපතිවරයා ඇති කරන බලපෑම් පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන බව එම නීතිවේදීහු පෙන්වා දෙති.

ලෝකය පිළි නොගන්නා මානව හිතවාදී නොවන වැරදි තීරණ ගැනීමේදී ලෝක හෝ කළාප සංවිදානයකට විරුද්ධ විය හැකි නමුත් මෙහිදි සිඳු වෙමින් පවතින්නේ දැනට රගර් හී පවතින ව්‍යාප්තිය සීමා කර එය ක්‍රීඩා සමාජ කිහිපයක ආධිපත්‍යයට නතු වන ආකාරයට ව්‍යවස්ථාව සිමා කිරිමට ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර බලපෑම් ඇති කිරීමය.සාමාන්‍යයෙන් ව්‍යස්ථාවෙන් යම් කිසි ප්‍රදේශයක් හෝ ජන කොටසක් හෝ නොසළකා හැර ඔවුන්ගේ රගර් අයිතිය සඳහා නිසි අවස්ථාව නැති මොහොතක එම තත්ත්වය් පුළුල් කිරීමට ජාත්‍යන්තර වශයෙන් මැදිහත්ව උපදෙස් දීම මඟ පෙන්වීම සිඳු කිරීම සදාචාරසම්පන්න දෙයක් වුවත්,ජාත්‍යන්තර මට්ටමෙන් රටේ රගර් ක්‍රීඩාව ව්‍යස්තානුකූලව විසිරි පවතින සීමාව අඩු කර සුළු පිරිසකට වැඩි බලයක් ලැබෙන ආකාරයට සැකසීමට බලපෑම් කිරීම අසාමාන්‍ය තත්ත්වයකි.මේ කාරණා ලෝකයට පෙන්වා දෙමින් රකෙ පවතින් නීතියට බලපෑම් කිරීමට ආසියානු සභාපතිවරයා ගන්නා උත්සාහය රටක නීතිය සහ ස්වාධිපත්‍යය නොසළකා හරින බලපෑමක් බව ද එම නීතිවේදීහු පවසති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here