ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW:

පෙබරවාරි 6 වන දා චීනයේ ටියාන්ජින් හී ඇරඹෙන ආසියානු ගෘහස්ත මලල ක්‍රිඩා සූරතාවලිය පෙබරවාරි 8 වන දා නිමාවට පත්විමට නියමිතයි.මේ තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු මේ තරගාවලියට සහභාගි වෙනවා.ඒ ගෘහස්ථ පරිසරයක නොවන පිටියක් තුළ ඒ දුර පමණක් සැළකිල්ලට ගෙන කරන ලද තේරිම් අනුවයි.බොහෝ විට ගෘහස්ථ ධාවන පථියක ඇති ආනතිය සමඟ ධාවන ඉසව්වලදි ලැබෙන පහසුව විසින් ශ්‍රී ලංකාවේ දී දක්වන ලද දස්කම්වලට වඩා හොඳ දස්කම් දක්වන්නට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය හැකි බව විශ්වාස කළ හැකියි.

තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් වන චමෝද් යෝධසිංහ සහ මනුජ ප්‍රභාෂ් මීටර් 60 තරගය සඳහා සහභාගි වෙනවා.දසුන් සමරවිර නියෝජනය කරන්නේ උස පැනීමේ ඉසව්වයි.පසිඳු මල්ශාන් තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරමින් මේ තරගාවලියට එක්ව සිටිනවා.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩිකාවන් අතරින් සහ සමස්ත මලල ක්‍රීඩා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිඩිකාව නිමාලි ලියනආරච්චියි.ඇය ආසියානු මට්ටමේ ගෘහස්ත මීටර් 800 ඉසව්වෙන් මීට පෙර රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ඇති ක්‍රීඩිකාවකි.ඇය මෙවර ද එම ඉසව්වම නියෝජනය කරමින් ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියට තරග වඳිනවා.

නිමාලි ට අමතරව මධුෂානි හේරත් තුන් පිම්ම සහ දුර පැනිම ඉසව්වටත් මෙත්මි විජේසූරිය මීටර් 3000 ඉසව්වටත් සහභාගි වීමට නියමිතව තිබෙනවා.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම චීනයේ ටියන්ජින් හී සිය පුහුණු කටයුතු වල යෙදෙමින් සිටින අතර ටියැන්ජින් හී ටුවාන්බෝ ක්‍රීඩා මධ්‍යස්ථානය මේ වන විට 2026 ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සියල්ලෙන් සපිරි පහසුකම් සහිත ස්ථානයක් බවට පත් ක

ර ඇති බව චීන මලල ක්‍රීඩා පුවත් වාර්තා කරනවා.
ටියැන්ජින් හී සංචාරය සඳහා සුදුසු යහපත් කාලගුණික තත්ත්වයන් දැකිය හැක්කේ මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ වන අතර මේ දිනවල වාර්තාවන තොරතුරුවලට අනුව එම ප්‍රෙද්ශයේ ඇත්තේ තද ශිත කාලගුණික තත්ත්වයක්.ගෘහස්ත පරිසරයක් තුළ මේ තත්ත්වය ක්‍රීඩාංගණය තුළ බාධාවක් නොවිය හැකි නමුත්,පරිභාහිර තත්ත්වයන් සමඟ යම් ආකාරයකට එහි බලපෑමක් ඇති විය හැකි බවත් පැවසිය යුතුයි.
පෙබරවාරි 6 – 8 කාල වකවානුවේදි පැවත්වෙන මේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වඳින ආකාරය පහත දැක්වෙන තරග කාල සටහනේ දක්වා තිබෙනවා.
https://bit.ly/4kj1K5i

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here