ආයෝජනට නිදහස් හා සාධාරණ පරිසරයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙනවා – ඇමති විජිත හේරත් – Saru News | සිංහල

0
4

ජාතික ජන බලවේගය විසින් දියත් කරමින් තිබෙන නව පාලනය විසින් වංචාව, දූෂණය හා නාස්තිය අවම කරමින් යන ගමන හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ පැවැති RAISINA සංවාදයට සමගාමීව ORF(Observer Research Foundation) හි සභාපති SUNJOY JOSHI සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එන් වෙමිණි.

එමෙන්ම පහසු බදු ක්‍රමය, තනි කවුලු ක්‍රමය, ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත යනාදිය හඳුන්වා දෙන බැවින් නිදහස්ව සහ සාධාරණ අන්දමින් ආයෝජනය කිරීමේ පරිසරයක් දේශීය හා විදේශීය ආයෝකයන්ට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here