ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මුදල් වංචාවකට සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
15


ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මුදල් වාංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක්පත් මගින් රුපියල් 2,721,024යි ශත 15 මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා විසින්.

ඒ අනුව සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here