ආනයනික බඩුවල මිල ඉහලට; සීනි පරිප්පු හිඟයකුත් අත ළඟ

0
5

මැද පෙරදිග යුදමය තත්ත්වය සමග නැව් ගාස්තු සියයට විස්සකින් ඉහළ යෑම නිසා ආනයනික භාණ්ඩ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් මතුව ඇති බව ආනයනකරුවෝ පවසති.

නැව් ගාස්තුවලට අමතරව නැව් රක්ෂණ ගාස්තුද ඉහළ ගොස් ඇති අතර බහලුම් ගාස්තු එක්සත් ජනපද ඩොලර් 1000 ත්, 2000 ත් අතර මුදලකින් ඉහළ ගොස් තිබේ.

මේ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරීමට ආනයනකරුවන් මැළිකමක් දක්වන අතර අඛණ්ඩ සැපයුමට බාධා ඇතිවිය හැකි බව ආනයනකරුවෝ පෙන්වා දෙති. 

විශේෂයෙන්ම සීනි හා පරිප්පු වැනි ආනයනික ද්‍රව්‍ය සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ හිඟවිය හැකි බවද පිටකොටුව තොග වෙළෙඳුන්ගේ මතය වී තිබේ. 

තවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග හා පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරින්ද පිටකොටුව තොග වෙළෙඳුන්ගෙන් කරුණු විමසා ඇත. 

එහිදී ලබාගත් තොරතුරුද අමාත්‍යාංශයට දීමට නියමිතය.

මූලාශ්‍රය – සති අග අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here