ආදරය හා නිදහස පිරුණු පුංචි Farm house එකක් වගේ ගෙදර සැලසුම් කරන්න කැමතිද?

0
14


ගෙදර ලස්සන කරන්න කැමති ඔබ විවිධ නිවාස සැලසුම් ක්‍රම අත්හදා බලන්න කැමති බව අපි දන්නවා. ඉතින් ගෙයක් සැලසුම් කිරීමේදී තීම් එකකට අනුව සැලසුම් කරොත් ඔබේ නිවහන හරිම ආකර්ෂණීය තැනක් වෙනවා. එය ඔබේ පවුලේ අනන්‍යතාව බවටත් පත් වෙනවා. ඒ විදියට නිවසක් සැලසුම් කරද්දී ජනප්‍රිය තීම් අතර ඉහළ තැනක් farm house concept එකට ලැබෙනවා

චාම් සහ පිළිවෙළක් සහිත ගෙයක් සැලසුම් කරන බොහෝ අය අතර තමයි Farm house concept එක ජනප්‍රිය. ඉතින් මේ ලිපියෙන් ෆාම් හවුස් එකක් විදියට ගෙදර සැලසුම් කර ගන්නා ආකාරය ඔබට කියන්න අපි හිතුවා.ෆාම් හවුස් සංකල්පය නිසා ඔබට 18 සියවසට අයත් බටහිර නිවසක් ලෙස නිවස සැලසුම් කර ගන්න පුලුවන්. එහෙම සකසා ගන්න ඔබට කළ හැකි දේවල් කිහිපයක් තමයි මේ

සුදු පැහැ තීන්ත ආලේප කර සුදු ඇතිරිලි සහ කොට්ට උර යොදා ගත් යකඩ ඇඳක් ෆාම් හවුස් සංකල්පයට ගැලපෙන ඇඳක්.

මුළුතැන්ගෙයි බඩු තැන්පත් කරන්න ඔබට ලීයෙන් කළ කුඩා රෝද සහිත තල්ලු කරගෙන යන මේසයක් යොදා ගන්න පුලුවන්.මෙය පැරණි පෙනුමක් මුළුතැන්ගෙයට ලබා දෙන්න අපූරුවට සමත් වෙන්නක්.

පැරණි පෙනුම සහිත පුටු,කොෆි ටේබල්, පැද්දෙන පුටුවක් ඔබේ නිවස ෆාම් හවුස් එකක් බවට හරවන්න ඉතා ඉක්මනින් සමත් වෙනවා. ලී බඩු සාප්පුවකින් හෝ ලී බඩු සකසන්නෙකුගෙන් පැරණි පෙනුම සහිත ලී බඩු ඔබට අවශ්‍ය අන්දමට සකසා ගන්න ඔබට පුලුවන්. මේවා සකසන අන්දම සහ ආලේප කරන තීන්ත අනුව පැරණි පෙනුම ඉස්මතු වෙනවා.

තීන්ත ආලේප කරද්දී සුදු හෝ vintage පැහැය ඉස්මතු වන වර්ණ තෝරා ගන්න.ලීයෙන් කරන ලද සිවිලිමක් සහ පොළොවක් ෆාම් හවුස් තීම් එකට වඩාත් ගැළපෙනවා.රතු සහ සුදු මිශ්‍ර කොටු රෙදි, නිල් සහ සුදු මිශ්‍ර කොටු රෙදි දොර ජනෙල් රෙදි ලෙස යොදා ගන්න. නිවස හැකිතාක් වියළි සහ පිරිසිදු වීම වැදගත්.

ලී වලින් කරන ලද රෝලින් පින්, හැඳි සහ භාජන සහිතව මුළුතැන්ගෙය සකස් කර ගන්න. පැරණි පෙනුම සහිත උදුනක් ද ගැළපෙනවා. ෆාම් හවුස් සංකල්පයට සකසන නිවෙස් වල විශාල මුළුතැන්ගෙවල් නැහැ.කුඩා පිරිසිදු පෙනුම සහිත මුළුතැන්ගෙයක් සකසා ගන්න. කුඩා පෑන්ට්‍රි එකක් හෝ මේ රූපවල සඳහන් පරිදි විශාල යකඩ සහ වීදුරු අල්මාරියක් පාවිච්චි කරන්න. ඒ වගේම සිවිලිම ලී වලින් සකසා ගන්න.

ඉහත විස්තර සහ ඡායාරූප Farm house concept එකට නිවස සැලසුම් කර ගන්න ඔබට ලොකු උදව්වක් වෙයි. පරණ ගෙයක් අලුත්වැඩියා කරනවා නම් වගේම අලුත්ම ගෙයක් හදනකොට මේ විදියට නිවස සැලසුම් කර ගැනීම ඔබට පිරිසිදු සහ පිලිවෙල ගෙයක් අයිති කරගන්න උදව්වක් වන බව අපට විශ්වාසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here