ආදරණීය වීරවරියකගේ හදවත: මාලිනිය සිහි කිරීම

0
4


LNW (කොළඹ): අද අපට පුරාවෘත්තයක දිවි ගමන සිහි වෙයි.ඒ ඇය ඇගේ ජීවිත ගමනේ අවසානය සනිටුහන් කර හමාරය.නමුත් කඳුළු තෝතැන්නක් සමඟ නොව ආදරයේ මතක ගොන්නක් සමගය. සිංහල සිනමාවේ නිළි රැජින මාලිනි ෆොන්සේකා මේ ලෝකයෙන් සදහටම සමුගෙන ඇත. නමුත් ඇය අපට දායාද කළ දේ – ඇගේ ධෛර්යය, කරුණාව සහ ශක්තිය – කිසිදා ජන හදවත් අත් නොහරිනු ඇත.
දශක ගණනාවක් තිස්සේ මාලිනි තිරය ආලෝකමත් කළාය. ඇගේ චිත්‍රපට අපව සිනාසීමට, හඬවන්නට සහ ගැඹුරින් හදවත් තුළට දැනීමට සැලැස්වූවාය. ඇය විටෙක මවක්, පෙම්වතියක්, සටන්කරුවෙක් සහ සිහින දකින්නියක් ලෙස තම රංගන කැඩපත ආලෝකමත් කළාය. ඇගේ චරිත හුදෙක් රගපෑමක් ලෙස නොව සැබෑ ලෙස දැනුනේ ඇය ඒ සෑම චරිතයක් සදහාම ඇගේ හදවත වත් කළ බැවිනි. මිනිසුන් ඇගේ කතාවලින් තමන්ගේම ජීවිත දුටුවේය. ඇය ඔවුන්ගේම ජීවිත වල කොටසක් බවට පත් විය.පරම්පරා ගණනාවක් එනම් බාලයාගේ සිට මහල්ලා දක්වා ඇයට ආදරය කරමින් හැදී වැඩුණි.
නමුත් කීර්තියෙන්,ජනප්‍රියතාවයෙන් සහා සිනමාවෙන් ඔබ්බට මාලිනීය ඊටත් වඩා ශක්තිමත් ගැහැණියක විය- ඇය සැබෑ සටන්කාමියෙක්, සහායකයෙක් සහ අන් අයට ආලෝකයක් ද විය. ඇය සිනමාවේ රැජින පමණක් නොව ඇය ජනතා හදවත් තුළ විරාජමාන වූ රැජින යි.
බොහෝ දෙනෙක් නොදැන සිටි කතාව නම් මෙයයි.මාලිනී පියයුරු පිළිකාවට එරෙහිව සටන් කරමින් බිය, වේදනාව සහ සුවය ලැබීමේ දිගු මාවතට මුහුණ දෙමින් සිටියාය.නමුත් ඇය කිසි විටෙකත් බලාපොරොත්තු අත්හැරියේ නැත. ඊටත් වඩා ඇය අන් අයට උපකාර කිරීමට ඇගේම කතාව භාවිතා කළාය.
මහරගම Indira Cancer Trust සංවිධානය විසින් ඇයට පියයුරු පිළිකාව ගැන කතා කරන ලෙස ඉල්ලා සිටි විට, මාලිනී පසුබට වූයේ නැත. ඇය සරල කහ පැහැති බ්ලවුසයක් ඇඳගෙන කැමරාව ඉදිරිපිට වාඩි වූවාය .ඒ නිළියක් ලෙස නොව, දිවි ගලවා ගත් අයෙකු සහා දිවි ගලවා ගැනීමට සටන් වදින්නියක් ලෙසයි.ඇගේ පණිවිඩය සරල විය: “බිය නොවන්න. සටන් කරන්න. ඔබට ජය ගත හැකිය.”
ඒ මොහොත බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කිරීමට උපකාර විය.
රට පුරා බොහෝ කාන්තාවන් ඇයව දැක ශක්තිමත් විය. ඔවුන් වෛද්‍යවරුන් වෙත යොමු වී පරීක්ෂාවන් සිදු කර පිළිකා රෝගයන් ඉක්මනින් සොයා ගත්හ.ප්‍රතිකාර නියමිත වේලාවට ආරම්භ කරමින් තම ජීවිත බේරා ගැනීමට එඩිතර වුයේ එක් කාන්තාවක් ඇගේ සත්‍යය කතාව සමාජයක් ඉදිරියේ බෙදා ගැනීමට එඩිතර වූ නිසාම යි.
නමුත් මාලිනී එතැනින් නතර වුයේ නැත.ඇය දැනුවත් කිරීමේ ව්‍යාපෘතින් සදහා සම්බන්ධ වී රෝගීන්ට කතා කළාය.රෝහල්වලට ගොස් තමන්ගේම සෞඛ්‍ය සමග සටන් කරන අතරතුර පවා ඇය ඇගේ කාලය, ඇගේ හඬ සහ ඇගේ ආදරය අන් අයට ලබා දුන්නාය.
ඇගේ ශක්තිය තිබුණේ ඇගේ කීර්තියේ පමණක් නොවේ. එය ඇගේ හදවතේ ගැඹුරින්ම සටහන්ව තිබුණි.ධෛර්යය සැමවිටම සන්නාහයක් පැළඳ නොගන්නා බව ඇය මිනිසුන්ට පෙන්වා දුන්නාය. සමහර විට එය මෘදු සිනහවක් පැළඳ මෘදු ලෙස කතා කරයි. සමහර විට එය පෙනී සිට පවසන්නේ “ඔබ තනිවම නොවේ” කියායි.
බියෙන් සහ අසරණව සිටි කාන්තාවන්ට ඇය බලාපොරොත්තුවක් ලබා දුන්නාය. අහිමි වූ පවුල්වලට ඇය මඟ පෙන්වීමක් ලබා දුන්නාය. රැයක් දවාලක් නොමැතිව සේවය කරන වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ඇය දිරිගැන්වීමක් ලබා දුන්නාය. අන් අය වෙනුවෙන් අප කරන දේ අන් සියල්ලටම වඩා වැදගත් බව ඇය සෑම අවස්ථාවකදීම සැමට මතක් කළාය.
සැබෑ තරුවක් වීම යනු ආලෝකය සහ කැමරා ඉදිරියේ පමණක් තම අභිනයන් සිදු කිරීම පමණක් නොවන බව මාලිනීය අපට ඉගැන්නුවාය. එය ආදරය, නිර්භීතකම සහ දුෂ්කර වූ විට නැගී සිටීම හමුවේ බව ඇය කාටත් පසක් කරවීය.ඇගේ ශ්‍රේෂ්ඨතම භූමිකාව වූයේ ඇය සැබෑ ජීවිතයේ රඟපෑ චරිතයයි.එනම් දිවි ගලවා ගත් තැනැත්තියක්, නායිකාවක් සහ මිතුරියක් ලෙස යි.
අද අපි මාලිනීව සිහිපත් කරන්නේ ඇය රඟපෑ චරිත සඳහා පමණක් නොව ඇය ස්පර්ශ කළ ජීවිත සඳහා ද අපි ඇයව සිහිපත් කරමු. ඇගේ කාර්යය ඇගේ අවසාන චිත්‍රපටයෙන් අවසන් වූයේ නැත. ඇය බේරා ගැනීමට උත්සාහා කළ සෑම ජීවිතයකම, ඇගේ හවුහරණෙන් පරීක්ෂාවක් ලැබූ සෑම කාන්තාවක් තුළම සහා ඇගේ කතාව නිසා බලාපොරොත්තුවක් සොයා ගත් සෑම පවුලක් තුළම ඇගේ ආත්මය,උරුමය ජීවත් වේ.
ඇගේ ජිවිතයේ අවසන් දිනවල පවා මාලිනීය ශක්තිමත් ගැහැණියක වග පසක් කළාය. ඇය ජීවිතයට වෙනදා මුහුණ දුන් ආකාරයටම කරුණාවෙන් සහ ධෛර්යයෙන් තම අවසාන මොහොතට මුහුණ දුන්නාය.ඇය මෙම ලාංකීය ජනතාවට ඉතිරි කර නික්මුණේ අදහාගත නොහැකි චිත්‍රපට ඉතිහාසයක්ම පමණක් නොව ආදරය, බලාපොරොත්තුව සහ වෙනසක මාවතක් ය.
ඉතින් අපි ඔබට සමුදෙනවාට වඩා ස්තූතිය පුද කිරීම කළ යුත්තක්ය.අඳුරු කාලවලදී ආලෝකයක් වීම ගැන මාලිනීය ඔබට ස්තූතියි.ඔබේ ධෛර්යයට ස්තූතියි.අන් අයව ඔසවා තැබීමට ඔබේ හඬ භාවිතා කිරීම ගැන ස්තූතියි.ගැඹුරු වැදගත් ජීවිතයක් ගත කිරීම ගැන ස්තූතියි.
සිනමාවේ රැජින නැති වී යා හැකි නමුත් හදවතේ ඇය රැජිනක් ලෙස විරාජමානව ජීවත් වේ. ඇය සහය වූ සෑම පුද්ගලයෙකු තුළම ඇය ආභාෂය දුන් සෑම කරුණාවන්ත ක්‍රියාවක් තුළම සහ ඇගේ කතාව ඇසීමෙන් පසු යමෙකු ගන්නා සෑම නිර්භීත පියවරක් තුළම ඇය ජීවත් වේ.
මාලිනී ෆොන්සේකා මැතිනියනී,ඔබ හුදෙක් රංගන ශිල්පිනියකට වඩා රණශූරයෙක් විය.මඟ පෙන්වන්නියක්. විය.ආශිර්වාදයක් විය.
ඇගේ පණිවිඩය කිසිදා මිය යන්නේ නැත: නිර්භීත වන්න, අත් නොහරින්න, එකිනෙකාට උදව් කරන්න, ආදරය ජය ගනී.
ආදරණීය මාලිනී, ඔබට ස්තූතියි. ඔබ හොඳ වැඩක් කළා. ඔබ ලස්සන ජීවිතයක් ගත කළා. දැන් සාමයෙන් විවේක ගන්න.සැමදාම ඔබේ ආදරය අප සැම හරහා පවතින බව දැන ගන්න.
මාලිනීගේ මිතුරු කැළ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here