ආත්ම අභිමානය වර්ධනය කර ගනිමින් සාර්ථක කාන්තාවක් වන්නට නම්.

0
15


තමා පිළිබදව ඇති ආත්මාභිමානය යනු කාන්තාවකට ආභරණයක්. ආත්ම අභිමානය ගොඩනඟා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවුනත් එය ගොඩනඟා ගැනීමෙන් ඔබ තුල ඔබ ගැනම ඇතිවන විශ්වාසය නිසා ඕනෑම අභියෝගයක් ජය ගනිමින් ඉලක්ක වෙත යාමට ලැබෙන ශක්තිය අතිශය විශාලයි. ජීවිතේ ජය ගත් සාර්ථක කාන්තාවන්ගේ ජීවිත කතා තුලින්ද අපිට නිරන්තරයෙන්ම ඒ කරුන අවබෝධ කරගත හැකියි.

මේ නිසා මේ ලිපියේ අරමුණ කාන්තාවක් ලෙස ඔබේ ආත්ම අභිමානය වැඩිදියුණු කර ගත හැකි ආකාරය සාකච්ඡා කිරීමයි .
ඇත්තෙන්ම කොහොමද කාන්තාවක් තමන්ගේ ආත්මාභිමානය වැඩි කරගන්නේ ? ඒ සදහා ඔබ මේ ගුණාංග ඔබ හා ආකල්ප ඔබ තුල වර්ධනය කර ගැනීම ඉතාමත් වැදගත්.

ඔබට ඔබේ ජීවිතය තුළ තුළ විවිධ වෘත්තීන්වල නියැලෙන විවිධ තරාතිරම්වල මිතුරන් සිටින්නට පුළුවන් . නමුත් කිසිම විටෙක ඔබ ඔබව ඔවුන් සමග සංසන්දනය කරන්නට එපා.පෞරුෂත්ව සහ පුද්ගල වෙනස්කම් පිළිබඳ පර්යේෂකයින් සොයාගෙන ඇති අන්දමට තමන්ව අය සමඟ සංසන්දනය කරන විට ඊර්ෂ්‍යාවක් හට ගැනීම සිදු වන්නට පුළුවන් . එය විසින් තමන්ට තමන් ගැන නරක ආකල්ප හෙවත් ඍනාත්මක ආකල්පයක් සිත තුල ඇති කිරීමට ද හේතුවක් වෙනවා . එවිට ඔබට ඔබේ ශක්තිය සහ ඔබේ හැකියාවන් ගැන හඳුනා ගැනීමට හැකි වන්නේ නැහැ. එම නිසා ඔබ කළ යුත්තේ ඔබව අන් අය සමග සංසන්දනය කිරීම මුළුමනින්ම නතර කර දැමීමයි .

ඔබේ මිතුරන් ගැන ඔබට හැඟෙන ආකාරය මතක් කරන්න . ඔවුන් ඔබව ඔසවා තබනවාද ? නැතිනම් ඔවුන් නිරන්තරයෙන්ම ඔබව විනිශ්චය කරනවාද ? නැතිනම් ඔවුන් ඔබ කවුරුන්දැයි පිළිගන්නවාද ?

ඔබ සමග කාලය ගත කරන පුද්ගලයන් ඔබ හිතනවාට වඩා ඔබේ සිතුවිලි සහ ආකල්ප වලට බලපෑම් කරනවා .ඔබ කිසියම් මිතුරෙකු සමග සමග කථාබහ කිරීමෙන් පසුව ඔබට යම් නරක හැඟීමක් දැනෙනවා නම් ඉන් අදහස් වන්නේ ඔබ වහාම ඒ පුද්ගලයා සමග සමඟ ගනුදෙනුව නතර කළ යුතු බවයි . නමුත් යම් මිතුරෙක් සමග සමග කථාබහ කිරීමෙන් ඔබට ඉතා හොඳ හැඟීමක් දැනෙනවා නම් ,ඔබට ජීවිතයේ ඉදිරියට යා යුතු බවත් සහ ඉතා ධනාත්මක හැඟීම් දැනෙනවා නම් ඒ ඔබ ආශ්‍රයට තෝරාගත යුතු පුද්ගලයන් බව ඔබ හඳුනාගත යුතුයි . එම නිසා ඔබේ ආත්මාභිමානය වැඩිකරගැනීමට ඔබ කැමතිනම් නිරතුරුවම ධනාත්මක සිතුවිලි වලින් පරිපූර්ණ පුද්ගලයන් සමග කාලය ගත කිරීමට තෝරා ගන්න

ඔබ ආත්මාභිමානය ගැන සිතන කෙනෙක් නම් ඔබේ ශරීරය ගැනත් ඔබ සැලකිලිමත් වන්නට ඕනේ . ඔබට ඔබේ සාමාන්‍ය ජීවන රටාවේ දී සහ පිරිසක් අතර හැසිරීමේදී ඔබගේ පෞරුෂය ගැන හොඳ හැඟීමකින් යුක්තව සිටීමට නම් ඔබේ සෞඛ්‍ය සම්පන්න බව ,මනා හැඩයකින් යුතු ශරීරය ,පිරිසිදු ඇඳුම් පැළඳුම් පිළිබඳව ඔබ හොඳින් විමසිලිමත් විය යුතුයි .ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම , හොඳින් ව්‍යායාම කිරීම , භාවනා කිරීම සහ සුව නින්දක් ලබා ගැනීම කෙරෙහිද ඔබ අවධානය යොමු කළ යුතුයි

ජීවිතයේ යම් අවස්ථාවන් වලදී ඔබට යම් යම් කඩාවැටීම් වලට මුහුණදීමට සිදුවන්නට පුළුවන් . එවැනි අවස්ථාවන් වලදී ඔබටම දෝෂාරෝපණය කර ගන්නවා වෙනුවට , ඔබට ඔබේ ගැටලු වලට තවත් හොඳින් මුහුණ දිය හැකි බවට ඔබටම පොරොන්දුවක් වී ඔබටම කරුණාවන්ත වීමට ඔබට හැකියාව තිබිය යුතුයි. ඒ වගේම ඕනෑම අවස්ථාවකට මුහුණදීමට ඔබ තුළ ශක්තිය ඇති බව ඔබ විශ්වාස කළ යුතුයි .කුමන තත්ත්වයක් යටතේ වුව ද ඔබ ජීවිතයට මුහුණ දෙන බවට විශ්වාසයක්ද ඔබ ගොඩනඟා ගත යුතුයි .

ඔබේ ශරීරය මනස සහ හදවත පවසන දේට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න . එකදිගට වැඩ කිරීමෙන් පසුව ඔබට විවේකයක් අවශ්‍ය බව දැනෙනවා නම් නොපමාව ඔබ විවේක ගන්න . ඔබට අලුත් යමක් අත්හදා බැලීමට සිතනවානම් ඒ කෙරෙහි අවධානය යොමු කරන්න . ඒ වගේම ඔබ නියැලෙන වෘත්තියට අදාළව අලුතින් යමක් ඉගෙන ගැනීමට සිතෙනවා නම් එය කිරීමටද ප්‍රමාද වන්න එපා. හැකිතාක් ඔබේ සිතුවිලි වලට සවන් දී ඔබ සතුටු වන ආකාරයේ ක්‍රියා වල නිරත වීමට ඔබේ කාලය යොමු කරන්නට කිසිම විටෙක මැලි වන්නට එපා

ඔබ කරන රැකියාවට හෝ නියැලෙන වෘත්තියට අමතරව ඔබ තුළ විශේෂ කුසලතාවයන් හෝ හැකියාවන් ඇති .කිසිම විටෙක එවැනි විශේෂ කුසලතාවන්ට හෝ හැකියාවන්ට මියැදෙන්නට ඉඩ හරින්න එපා .ඔබට හැකි තාක් ඔබ ඒවායින් ප්‍රයෝජන ගන්න .ඒ වගේම ඒවා වැඩි දියුණු කර ගැනීම සඳහා වෙහෙසෙන්න. ඔබේ ආත්ම අභිමානය වැඩි කරගැනීමට නම් ඔබ එක දෙයකට දක්ෂ වීම නොව විවිධාකාර කුසලතාවයන්ගෙන් පරිපූර්ණ අයකු වීමද වැදගත් වෙනවා .

ඔබගේ ශක්ති මට්ටම සහ දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමට නින්ද යනු අතිශය වැදගත් දෙයකි .ඒ වගේම යහපත් ආකල්ප කෙරෙහි ද සුව නින්දක් බලපානවා .නින්දේ ගැඹුර සහ දිග වැඩි කිරීමෙන් දවසේ ගැටලු මගහරවා ගැනීමට ඔබේ මොළයට ඉඩ සලසන බව ඇතැම් පර්යේෂකයන් පවසනවා .ඒ වගේම සුව නින්දක් ආත්මාභිමානය ට බලපාන මූලික කාංසාව සහ මානසික අවපීඩනය ද අවම කරනවා. ඒ නිසා සුව නින්දක් යනු ආත්ම අභිමානය වැඩි කරගැනීමට කැමති කාන්තාවකට අත්‍යවශ්‍යම දෙයක් .

මනෝ විද්‍යාඥයන් බොහෝ විට නිර්දේශ කරන්නේ ධනාත්මක සිතුවිලි ඉහළ නැංවීම සඳහා කෘතඥතාව පළ කරන දිනපොතක ඔබේ හැඟීම් ලිවීමටය .එම පුරුද්ද මගින් ඔබට ඔබ ගැන හැඟෙන ආකාරයට ද බලපෑම් ඇති කළ හැකිය . ඔබේ දවසේ වැඩ කටයුතු ,ඔබ තුළ පවතින යහපත් ආකල්ප ,ඔබේ අනාගතය යහපත් කර ගැනීම සඳහා ඔබ සැලසුම් කරන දේවල් ආදී සියලු දේ මෙසේ දිනපතා ලිවීම සහ මෙනෙහි කිරීම මගින් ඔබට ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කිරීමට මෙන්ම ඔබේ මනස ධනාත්මක සිතුවිලි වලින් පුරවා ගැනීමට ද ඔබට හැකියාව ලැබෙනවා .

කාන්තාවක් ලෙස ඔබ ඔබේ ආත්මාභිමානය ගැන සිතනවානම්, එය වැඩි කර ගැනීමට ඔබට ඉහත කරුණු ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මනා ආත්ම අභිමානයකින් සහ හොඳ පෞරුෂයකින් යුත් කාන්තාවකට සමාජයේ ඕනෑම කෙනෙක් අතර කැපී පෙනෙන සහ බැබළෙන චරිතයක් විය හැකි බැවින් සැබැවින්ම කාන්තාවක් වන ඔබට මේ සියලු කරුණු අනිවාර්යයෙන්ම වැදගත් වේවි .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here