ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

0
8

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW :

ලාල්කාන්ත හිතනවානම් තර්ජනය කරලා බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න මහා සංඝරත්නයට අගෞරව කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ඒ වගේම රජයේ නිලධාරීන් බය කරගෙන නීතිපති දෙපාර්තමේන්තුව බය කරගෙන අධිකරණ පද්ධතිය බය කරගෙන යන්න එය සිහිනයක් පමණක් බව නාමල් රාජපක්ෂ පවසයි..

ලාල්කාන්තට අදාල නැති වෙන්න පුළුවන් වුවත් රටට අදාල බවද නාමල් රාජපක්ෂ පැවසීය. එතුමා කියලා තියෙනවා කැට පෝලෙන් ගහන්න පුළුවන් ඒවට කාලතුවක්කු පාවිච්චි කරන්නේ නෑ කියලා.ඉතිං එතුමාට කියන්න තියෙන්නෙත් අපි ජිල් බෝලෙන් ගහන්න පුළුවන් ඒවටත් කැට පෝලේ පාවිච්චි කරන්නේ නෑ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“අපි පක්ෂයක් විදියට අපේ වැඩපිළිවෙළ වෙනදා හා සමානව ඉතා සාර්ථකව ඉදිරියට යනවා.ඉතින් ඒ අනුව විශාල පිරිසක් පක්ෂය එක්ක එකතුවෙමින් පවතිනවා ඒ වගේම පහුගිය කාලසීමාව තුළ යම් දේශපාලන කාරණා නිසා දුරස් වෙලා හිටපු බොහෝ පිරිසක් දැන් ශක්තිමත්ව අපේ වැඩපිළිවෙළ එක්ක එකතු වෙලා ඉස්සරහට යනවා.

මම පැහැදිලිවම ප්‍රතිපත්ති එක්ක කටයුතු කරන්නේ.අපි පක්ෂයක් විදියට පහුගිය කාලේ අපි දේශපාලන තීන්දු ගත්තා ඉතිං ඒ දේශපාලන තීන්දු එක්ක අපි ඈත් වුණා ඉතිං ඒ ඈත් වෙච්ච ගමන තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන ගමනට හා සමානව අපි දුරස් වෙලා හිත් බිඳීම් වෙච්ච අය ඇති හිත් පමණාපකම් වෙච්ච අය ඇති ඉතිං ඒ අය සියලු දෙනාම එකතු කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් පැහැදිලිවම වෙනසක් වෙන්න ඕනේ.හැබැයි ඒ වෙනස ජේවීපී එකට ඕන වෙනස නෙවෙයි.මේ රටේ දරු පරම්පරාවට අවශ්‍යය ආකාරයට අධ්‍යාපනයේ වෙනසක් වෙන්න ඕනේ.හැබැයි ඉතින් ආණ්ඩුවට අමතක වෙලා තමන් ආණ්ඩුවේ කියලා.ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව උද්ඝෝෂණය කරන්න පටන් අරන් ආණ්ඩුව ආණ්ඩුව වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා.සමහරුන්ට පරණ පුරුදු අමතක කරන්න බෑ. බලයට ඇවිල්ලත් තමන්ගේ පාක්ෂිකයා මහ පාරට බස්සලා උද්ඝෝෂණය කරනවා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here