ජාතික ජනබලවේගයට ලක්ෂ 23 ක් ඡන්ද අහිමි වුණ බවට ඔවුන් පිලිගන්න අකමැතියි. ඒ වගේම ජනතාව ඔවුන්ට ප්‍රතික්ෂේප කර තිබෙන බව ප්‍රකාශ කරන්න කැමැති නෑ. ඒ නිසා අල්ලස මගින් ජාතික ජනබලවේගයට අහිමි වුණ බලය ලබාගන්න ඔවුන් උත්සහ ගනිමින් සිටිනවා. ඒ වගේම අල්ලස් දිම වරදක් නෙවෙයි අල්ලස් ගන්න මිනිස්සු වැරදි බව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ප්‍රකාශ කරනවා. රටේ දුෂණ විරෝධි නිතිය අනුව අල්ලස් දෙන කෙනත් වැරදි අල්ලස් ගන්න කෙනෙත් වැරදියි. එසේ කතා කරන නියෝජ්‍ය ඇමැතිවරයත් වැරදියි. ජාතික ජනබලවේගයට ඡන්දය නොදුන්න මන්ත්‍රිවරුන්ගේ සහය ලබාගන්න උත්සහ කරන බව තමයි නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ. ඔහු ඒ බව නිශ්චිතව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ඔහුගේ ප්‍රකාශය නිති විරෝධි ප්‍රකාශයක්. ඔහු විනාශ කරන්න උත්සහ කරන්නේ රටේ නීතියයි. ඒ වගේම ජාතික ජනබලවේගයට බලය ලබාගැනිමට නොහැකි පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කරන බව සංචාරක නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කරන ආණ්ඩුව තිබෙන බලය කුමක්ද? එසේ සිදුකරන්න අවශ්‍ය නම් ඇයි මැතිවරණයක් පවත්වන්න කටයුතු කළේ. එය සිදුකරන්න නොහැකියි. එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය නොවෙයි. පළාත් පාලන ආයතනයක ධුරය දරන සභාපති , උප සභාපති ඉවත් කර කොමසාරිස් පාලනයකට යටත් කරනවානම් ඊට සාධාරණ හේතු තිබිය යුතුයි. පළාත් පාලන ආයතනයක ධුරය දරන සභාපති , උප සභාපති යම් වරදකට වැරදිකරුවන් වුණොත් පමණයි එසේ සිදුකරන්න හැකියාව තිබෙන්නේ. ඒ තිරණ අධිකරණය විසින් පරික්ෂා කරනු ලබනවා. කෙසේ නමුත් රටේ නිති පද්ධතියක් සහ ස්වාධින අධිකරණයක් තිබෙනවා ඒ නිසා ආණ්ඩුවේ තර්ජනවලට සහ අනිතික කරුණු වලට විපක්ෂය යටත් වෙන්නේ නෑ. ඒ වගේම පළාත් පාලන ආයතනවලට ජනතාවගේ කැමැත්තෙන් පත් කරන තිබෙන නියෝජිතයන්ගේ සහායෙන් විපක්ෂයට බහුතර බලයක් හිමි සෑම පළාත් පාලන ආයතනයකම සමගි ජනබලවේගය මුලික වී බලය පිහිටුවන්න කටයුුතු කරනවා. ‘‘ යැයි අජිත් පී පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
Saru FM Media