අසිරිමත් දළදා වන්දනාවට සියල්ල සූදානම්

0
18


වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” තවත් හෝරා කිහිපයකින් ආරම්භ වනවා. 

මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12.30ට පමණ සිදුවන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගි වීමට නියමිතයි. 

ආරම්භක දිනය වන අද දින පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා  සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙනවා. 

හෙට සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමි වනවා. 

සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි. 

මේ අතර කලකට පසු ලැබෙන මෙම දුර්ලභ අවස්ථාවේ දළදා සමිඳුන් නෙතින් දැක වැඳ පුදා ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගෙන් මහනුවර නගරය මේ වන විටත් පිරී ගොස් තිබෙනවා. 

ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අද සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර. 

Neth Sound · COR KAMAL 01

දිවයිනේ ඈත ගම් දනව්වල සිට පැමිණි සැදැහැවතුන් දිගු පෝළිම්වල රැඳී සිටින්නේ දින දිහිපයක් පෝළිම්වල රැඳී සිට හෝ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුවයි. 

 

එලෙස දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පෙරමග බලා සිටින සැදැහැවතුන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

Neth Sound · KANDY PEOPLE CUT 01

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. 

දළදා මාළිගා පරිශ්‍රයට සැදැහැවතුන් ඇතුළත් කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් මෙලෙස කරුණු දැක්වුවා.

Neth Sound · RATHANAPALA HIMI 01

සැදැහැවතුන් විශාල ගමන් මලු රැගෙන ඒම වෙනුවට කුඩා ගමන් මලු ගෙනඒම පහසුවක් වන බවද පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් පැවසුවා. 

Neth Sound · RATHANAPALA HIMI 02

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here