අස්වැසුම දෙවන අදියර සඳහා අභියාචනා සහ විරෝධතා භාර ගැනීම ඇරඹෙයි – Saru News | සිංහල

0
3

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ සුදුසුකම්ලාබී නාම ලේඛනය ප්‍රකාශට පත් කිරීම සහ අභියාචනා, විරෝධතා කැඳවීම සම්බන්ධව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ දෙවන ප්‍රතිලාභී නාම ලේඛනය අද (27) සිට දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මෙම නාමලේඛනය සම්බන්ධයෙන් යම් අභියාචනයක් හෝ විරෝධතාවක් පවතින්නේ නම් ඒවා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

අභියාචනා සහ විරෝධතා පහත සබැඳි ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

(1.) මාර්ගගතව (Online): https://eservices.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සෘජුවම අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කළ හැකිය.

– අයදුම්පත් මඟින්: www.wbb.gov.lk වෙබ් අඩවියෙන් අයදුම්පත් බාගත කර හෝ තම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්/ග්‍රාම නිලධාරීවරයාගෙන් අයදුම්පතක් ලබාගෙන, එය සම්පූර්ණ කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතුයි.

– තාක්ෂණික සහාය ඇතිව මාර්ගගතව ඉදිරිපත් කිරීම: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයේ නිලධාරීන්ගේ තාක්ෂණික සහාය ඇතිව මාර්ගගතව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකියි.

(ii) ප්‍රදේශයේ බලයලත් සන්නිවේදන මධ්‍යස්ථාන (Communication Centers) මඟින්ද අභියාචනා සහ විරෝධතා මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය.

විශේෂ දැනුම්දීම

(i) එක් පුද්ගලයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අභියාචනයක් පමණි.

(ii) සුදුසුකම් ලත් පුද්ගලයන් සම්බන්ධයෙන් නුසුදුසුභාවය තහවුරු කරගැනීමට හැකිනම් පොදු මහජනතාවට විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී. නිර්නාමිකවද විරෝධතා ඉදිරිපත් කිරීමේ හැකියාව පවති.

(iii) සියලුම අභියාචනා සහ විරෝධීතා 2026 අප්‍රේල් මස 10 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here