අස්වැසුමට බොරු තොරතුරු දුන්නොත් අවුරුද්දක් හිරේ

0
5

‘අස්වැසුම’ පළමු අදියරට අදාළ සංගණනයේදී හිතාමතාම අසත්‍ය තොරතුරු සපයා මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ වරදකරු වන අයකු වසරක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමට අධිකරණයට බලය ඇතැයි සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය. 

‘අස්වැසුම’ පළමු අදියර යටතේ (2023/2024 වර්ෂවල) අයැදුම් කරන ලද ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ කටයුතු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මේ වනවිට ආරම්භ කර ඇත.

මෙම ක්‍රියාවලිය සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් 2,993,558 දෙනකු දැනටමත් සිය තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් ඔවුන්ගේ තොරතුරු තහවුරු කරගැනීමේ සංගණන කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවත් පෙන්වා දුන් එම මණ්ඩලය මෙම සංගණනය මෙමස 28 වැනිදා අවසන්වීමට නියමිත බවද සඳහන් කළේය. 

තවද සංගණන නිලධාරීන්ට යම් පුද්ගලයකු අසත්‍ය තොරතුරු සපයන්නේ නම් සුබසාධක ප්‍රතිලාභ පනතේ 20 වැනි වගන්තිය අනුව එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එවැනි අවස්ථාවකදී මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ වරදකරු වන අයකුට රුපියල් 5,000කට නොවැඩි දඩයක් හෝ වසරක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් මෙන්ම එම දඬුවම් දෙකම නියම කිරීමට අධිකරණයට බලය ඇතැයි ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තවදුරටත් සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here