අසර්බයිජානයේ ගුවන්තොටුපොළකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්

0
4

අසර්බයිජානයෙන් පාලනය වන නක්චිවන් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. 

මෙම ඩ්‍රෝන ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියේ, අද (5) දහවල් 12ට පමණ මෙය එල්ලවූ බවය.

නක්චිවන් ස්වයං පාලන ප්‍රදේශයේ ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලට එක් ඩ්‍රෝන යානයක් පහර දුන් බවත්, අනෙක් ප්‍රහාරය ෂකරබාද් ගම්මානයේ පාසල් ගොඩනැගිල්ලක් අසලට කඩාවැටී ඇති බවත් අසර්බයිජාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ගුවන්තොටුපොළටද හානි සිදුව ඇත.

නක්චිවන් ප්‍රදේශය ඉරානය සහ තුර්කියේ දේශසීමාවට මායිම්ව පිහිටා තිබේ.

එම ප්‍රදේශයට ආර්මේනියාවද අයිතිවාසිකම් කියන හෙයින් අමෙරිකාවේ මැදිහත්වීමෙන් දෙරට අතර සාම ගිවිසුමක් මේ වනවිට ක්‍රියාත්මක වේ.

අසර්බයිජානය ඊශ්‍රායල ඔත්තු බැලීමේ කඳවුරක් ලෙස කටයුතු කරන බවට ඉරානය දිගු කලක් තිස්සේ අසේරි රජයට චෝදනා කරමින් සිටියි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here