අවුරුදු 8ක Crush එකක් නිසා මුලු ජීවිතේම අපායක් කරගත්ත මාධවී

0
17


“හායි”

මාධවිගේ වට්සැප් එකට ඒ මැසේජ් එක ආවෙ මාධවී ඔෆිස් එකේ වැඩ කර කර ඉද්දි. ෆෝන් ස්ක්‍රීන් එක උඩ ඇවිත් තිබුණ නොටිෆිකේශන් එක ඕපන් කරාම ඒ මැසේජ් එක ඇවිත් තියෙන්නේ තිහාන්ගෙන් කියල දැනගත්තම මාධවී පුදුම විදියට සතුටු උනා.

“මාස කීයකට පස්සෙද මේ මට රිප්ලයි කරේ” මාධවී හිතුවෙ එහෙම. මාධවී තිහාන්ට පුදුම කැමතියි. ඒක One Side Love එකක් කියනව වගේම Crush එකක් කියල කියන්නත් පුලුවන්. මාධවීගේ හැසිරීමෙන්, කතාබහෙන් නම් ඔය Crush එකයි One Side Love එකයි තිහාන්ට තේරුණේ නෑ කිව්වනම් ඒක බොරු. මොකෝ ඕනවටත් වඩා ආදරේ මාධවීගේ වචන වල ගෑවිල තිබ්බ හන්දා.

හැබැයි තිහාන් නම් හිටියෙ ඒක ගැන වගක්වත් නැතුව වගේ. එක්කො තිහාන්ට මගෙ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑ, එක්කො එයා මට කැමති නෑ කියල දෙවිදියටම හිතුවට අන්තිමේ මාධවී ඉතින් දිනුම දුන්නෙ පලවෙනි කාරණාවට.

අන්න ඒ නිසාම ඊයෙට වඩා අද වැඩියෙන් ආදරයයි කැමැත්තයි පෙන්නන්න තමා මාධවී උත්සහ කලේ. මේ සෙල්ලම ඉතින් අද ඊයෙක පටන් ගත්ත එකක් නෙවෙයි දැන් අවුරුදු අටක් තිස්සෙ මාධවී තිහාන්ව Crush එකක් කරගෙන තමයි ඉන්නෙ.

කෑම කද්දි “අනේ එයා කෑවද දන්නෙ නෑ”

උදේ වැඩට යන්න ලෑස්ති වෙද්දි “එයත් දැන් ඔෆිස් යන්න රෙඩි වෙනවා ඇති”

බුදුන් වඳිද්දි “අනේ එයාව පරිස්සම් කරල දෙන්න, එයාට මගෙ ආදරේ තේරුම් කරවල දෙන්න” වගේ තිහාන් ගැනම හිතනව ඇරෙන්න මාධවීට වෙන හිතන්න දෙයක් තිබ්බෙම නැති තරම්

හැබැයි ඉතින් තිහාන් නම් හිටියෙ කිසි ගාණක් නෑ වගේ. මාධවී මැසේජ් එකක් දැම්මොත් මිසක තිහාන් නිකමටවත් මැසේජ් එකක් දාලා නෑ. මාධවී තිහාන්ගෙ උපන්දින වලට රෑ 12 වෙනකම් ඇහැරන් ඉඳල විශ් කරාට, තෑගි බෝග යැව්වට තිහාන්ට නම මාධවී “අද මගෙ බර්ත් ඩේ එක” කියනකම්ම විශ් කරන්නවත් මතක් වෙන්නෙ නැ. ඒ විශ් කරන්නෙත් නිකන් ඕනවට එපාවට වගේ.

හැබයි ඉතින් අවුරුදු අටක් තිස්සෙ කරගෙන ආව, හිතෙන් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් කියනව වගේ Love Story එක හන්දා මාධවීට තිහාන්ගෙ මේ හැසිරීම කිසි ගාණක් උනේ නෑ.

කොටින්ම “මං මෙච්චර කරලත් මේ මිනිහට මට අඩුම ගානෙ මැසේජ් එකක්වත් දාන්න බෑනෙ” කියල හිතලවත් නෑ.

මාධවී සතියකට පාරක් විතර තිහාන්ට කෝල් කරනව. ඒකත් නිකන් පූජා වට්ටිය තියනව වගේ පුදුම ආදරේකින් ගෞරවේකින් තමා ගන්නෙ. කොහෙද තිහාන් සමහර දවස්වලට ආන්ස්වර් කරන්නෙවත්, පස්සෙ “අනේ සොරි මම බිසී උනා ඒකයි ආන්ස්වර් කරන්න බැරි උනේ” කියල කියන්නෙවත් නෑ.

“කෙල්ලෙක්ට ඉතින් ඉස්සරවෙලා ආදරෙයි කියන්න බැනෙ. තිහාන් කියනකම්ම මම ඉන්නවා, නැත්තම් එයා හිතාවි මම මහ සක්කරවට්ටමක් කියල” හිතල සද්ද නැතුව ඉන්න මාධවීට තිහාන්ව දකින්න හම්බෙන්නෙත් අවුරුද්දට එකපාරක් දෙපාරක් වගේ. එදාට ඉතින් “ලස්සනට යන්න ඕන, තිහාන් එතකොටවත් මට ආදරෙ වෙයි” කියල සැරසිල යන්න මාධවී හොඳ නැටුමක් නටනවා.

ඒ උනාට “ආදරෙයි” කියන අකුරු හතර තිහාන්ගෙ කටෙන් මේ අවුරුදු අටටම නම් ආවෙ නෑ.

දැන් ඔය අදත් හායි කියාගෙන් රිප්ලයි කරල තියෙන්නෙ මාධවී මීට මාස එකහමාරකට විතර කලින් යවපු මැසේජ් එකකට. “මට රිප්ලයි කරන්න මාස එකහමාරක් ගත්ත එකේ මාත් ඉක්මනට රිප්ලයි කරන්නෙ නෑ, පොඩ්ඩක් අගේ කරන්න ඕන” කියල හිතන එක්කෙනෙක් නෙවෙයිනෙ මාධවී.

“හායි” කියල ඒ ක්ෂණිකව රිප්ලයි කරා.

“හායි, කොහොමද?”

“හොඳයි තිහාන්, ඔයාට කොහොමද?”

“හොඳයි, පහුගිය ටිකේ බිසී උනා හොඳටම, ඒකයි මැසේජ් එකක්වත් දාන්න බැරිඋනේ”

“ආහ් ඔෆිස් එකේ වැඩ තිබුනද?”

“නෑ වෙඩින් එකේ වැඩ තිබුණනෙ?”

“වෙඩින් එකේ? කවුද මැරි කලේ?”

“ඇයි මම ඔයාට කිව්වෙ නැද්ද? මම ලාස්ට් මන්ත් මැරිකරානෙ”

එතනින් එහා මාධවී කොච්චර ඇඬුවද, වැළපුණාද, පිස්සෙක් වගේ හැසිරුනාද කියල මෙතන ලියල ඉවර කරන්න බෑ. ඔය සිදුවීමෙන් මාස අතුනකට පස්සෙ තමයි මාධවී කවුන්සලින් සපෝට් එක ගන්න හිතුවෙ. ඒ හිතුවෙත් මාස තුනක් පුරාවට Self Love වලින් තමන්ගෙ හිත හදාගන උත්සහ කරල ඒක බෑ කියල තේරුනයින් පස්සෙ. ඒ එනකොටත් මාධවී හිටියේ Depression වල පළවෙනි Stage එකේ.

Crushes කියන දේවල් අපි හැමෝටම තියෙනවා. හැබැයි අවුරුදු අටක් පුරාවට කරගෙන යන, හිතේ තද කරගෙන ඉන්න ඒකපාර්ශ්වීය ආදරයක්, Crush එකක්, බරපතල Emotional Bond එකක් අවසානයෙදි මේ වගේ නොහිතපු විදියට බිඳිලා ගියාම ඒකෙන් අපිට කිසිසේත්ම ලැබෙන්නෙ යහපත් ප්‍රතිඵලයක් නම් නෙවෙයි.

අපි සමහර වෙලාවට අපි එක්ක යාලුවෙලා ඉඳපු කෙනෙක් අපිව අතෑරියම කියනව හෝ හිතනවා “එයා මාව Use කරා” කියලා. ශාරීරිකව විතරක් නෙවෙයි මේ විදියට Emotional Bond එකක් නිසා මානසිකව Use වෙන එකත් ඉතාම දරුණු Damage එකක් තමයි අපේ මනසට සහ ජීවිතයට කරන්න.

මෙහෙම වෙලාවක අපි හිතනවනෙ “මට පුලුවන් මගෙ හිත හදාගන්න” කියල. හැබැයි ඒක හැමතිස්සෙම, විශේෂයෙන්ම මේ වගේ අවුරුදු ගණනාවක් පුරාවට Emotionally Use වුණ තැනකට සුදුසු වෙන්නෙ නෑ.

ඉතින් මෙහෙම වෙලාවක සහ මෙහෙම බැඳීමක් නිසා අපිට වෙන්න පුලුවන් Damages මොනවද කියල බලමු.

1.      අධ්‍යාපන සහ වෘත්තීය ප්‍රතිඵල

අධ්‍යාපනික සහ වෘත්තීය කාර්යයන්ට අවධානය යොමු කිරීමට අසීරුකම්. ඔබගේ අධ්‍යාපනික හා වෘත්තීය කාර්යයන්ට අවධානය යොමු කිරීමට සහ ඒවායේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීමට අපහසුකම් දක්වයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here