අවුරුදු 40 පසු කාන්තාවන් අතර බහුලව ඇතිවන රෝග ගැන ඔබත් සැලකිලිමත්ද ?

0
12


වයස අවුරුදු 40 ඉක්මවූ අපගේ ශරීරය ක්‍රම ක්‍රමයෙන් වියපත් වීම ආරම්භ කරනවා.මේ නිසාවෙන් විවිධ ලෙඩ රෝග ආදිය වැළඳීමේ ඉඩකඩ වැඩි බව අප කවුරුත් දන්නවා.ඉතින් ඒ ගැන දැනුවත්ව සිටීම ,ඒ වගේම ඒ සඳහා පිලියම් අනුගමනය කිරීමෙන් නිරෝගී ,ප්‍රීතිමත් ජීවිතයකට අඩිතාලම පහසුවෙන් දමා ගන්නට පුළුවන්.වයස අවුරුදු 40න් පසුව මෙන්න මේ දේවල් වලට මුහුණ දෙන්න ට අපට සිදුවෙනවා

අවුරුදු 27 දී සහ අවුරුදු 40 දී ඔබ විසින් ගන්නා එකම ආහාරය ශරීරය තුළ ක්‍රියාත්මක වන්නේ දෙවිදියකට.වයස හතළිහේ දී ශරීරයේ බර ඉතාමත් ඉක්මනින් වැඩි වීමේ ඉඩකඩ ඉතාමත් වැඩියි .මස් පිඬු වල තද බව ක්‍රමයෙන් ලිහිල් වෙනවා.කෙමෙන් තරබාරු වෙනවා.

වයස 40න් පසු ආර්තවහරණය වීමේ ඉඩ කඩ ඇති වෙනවා.මේ නිසා ශාරීරික සහ මානසික වෙනස්කම් රැසක් සිරුරේ සිදු වෙනවා.

ඉක්මනින් කේන්ති යාම,වයසට යාම නිසා ඇතිවෙන සංකාමය තත්වය ඇතුල් වූ මානසික වෙනස්කම් ඇති වීමේ හැකියාව වැඩියි.

නිසි පෝෂණය ලබා ගැනීම හරිම වැදගත්

තන්තු බහුලව අඩංගු ආහාර වන එළවළු පලතුරු කඩල කව්පි මුං වැනි රනිල කුලයට අයත් ඇට වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම අඩු වීම,රුධිරයේ සීනි පාලනය,වැනි දේ සඳහා උපකාර වෙනවා .

ආමන්ඩ්, කජු ,වට්ටක්කා ,කොට්ටං ආදී ඇට වර්ග වලට වයස්ගත වීම පමා කිරීමේ හැකියාව තිබෙනවා.විටමින් බී 6-12 දක්වා අඩංගු ආහාර ලබා ගැනීම හරිම වැදගත්.මොලයේ නිරෝගීතාවයට වගේම,හෘද රෝග ,පිළිකා,දියවැඩියාව ආදිය වැළඳීමේ හැකියාව අඩු කරන කුරුට්ට සහිත රතු සහල්, ඕට්ස් ,කුරක්කන් ,මෙනේරි වැනි ධාන්‍ය වර්ග ද මේ සඳහා ඉතාමත් සුදුසු යි.

වියපත් වන විට ශරීරයේ ජල ප්‍රතිශතය අවම වනවා.එපමණක් නොව පිපාසය දැනීම ද අඩු වී යාමට පටන් ගන්නවා.ඉතින් සම වියළීම ඇතුළු ලෙඩ ලෙඩ රෝග රැසක් හට ගැනීමේ ඉඩකඩ මේ නිසා වැඩියි.සන්ධි ආරක්ෂා වීමට,ශරීර උෂ්ණත්වය පාලනය වීමට,නිසි මනෝභාවයන් පවත්වා ගැනීමට (mood)ජලය දිනකට වීදුරු අටක් අවම වශයෙන් භාවිතා කළ යුතුයි.

සතියකට දෙවරක් වත් ඔබේ ආහාර වේලට මාළු එකතු කර ගැනීම හරිම වැදගත්.එහි අඩංගු ඔමේගා 3 මේද අම්ලය වයසට යාම නිසා ඇති වන ඇල්සයිමර් වැනි රෝග තත්වයන් අවම කරනවා.

වයසට යාමේදී ඇති වන පේශි පරිහානියට පිලියමක් ලෙස ප්‍රෝටීන් සහිත ආහාර ලබා ගැනීම හරිම වැදගත්.බිත්තර කිරි නිෂ්පාදන ආදියෙන් ප්‍රෝටීන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

කිරි වල අඩංගු කැල්සියම් අස්ථි නිරෝගීව තබා නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා.වයසට යාමත් සමඟ ඇතිවන ඔස්ටියෝ පොරෝසිස්,බඩ වැලේ පිලිකා ,අධි රුධිර පීඩනය වෙල් කීමේ හැකියාව කිරි ආහාර සතුයි.කැල්සියම් ලබා ගැනීම සඳහා කිරි ආහාර පමණක් නො ව එළවළු වර්ග, දිවුල් ,දොඩම් ,නාරං වැනි පලතුරු වර්ග ද ලබා ගන්නට පුළුවන්.

වියපත් වීමත් සමඟ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා.ගෝවා පවුලේ එළවළු ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගී කිරීමේ හැකියාවෙන් පොහොසත්.

ආහාර රස ගැන්වීමට අමතර කාර්යයක් කුළුබඩු මඟින් ඉටු කරනවා.එහි ප්‍රති ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර නිරෝගීව සිටීමට උපකාර වනවා.ඒ වගේ ම මානසික අවපීඩනයෙන් මුදා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

ඇස් නිරෝගීව තබා ගැනීම සඳහා මුකුණුවැන්න ටැබූ කතුරුමුරුංගා නීරමුල්ලිය පැශන් ෆෘට් ,වැල් පෙනෙල හාතවාරිය මොනරකුඩුම්බිය වැනි කොළ වර්ග සුදුසු ලෙස පිළියෙල කර ආහාරයට ගැනීම ඉතාමත් සුදුසුයි .

වයස හතළිහෙන් පසු B කාණ්ඩයේ විටමින්, කැල්සියම් මැග්නීසියම්,පොටෑසියම් ,ඔමේගා 3,ප්‍රෝබයෝටික්,අඩංගු ස්වභාවික ආහාර ලබා ගැනීම කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here