අවුරුදු 30 න් පසුව ප්‍රීතිමත් සුන්දර කාන්තාවක් ලෙස ජීවිතේ ගෙවන්නේ මෙහෙමයි.

0
16


වයසට යාම සමග සමඟ අපේ සිරුරේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙනවා.සිරුරේ හටගන්නා වේදනාවන් ,සම අවපැහැයට ලක්වීම්,පිම්පල්ස් ,මේදය තැන්පත් වීම ,සම එල්ලා වැටීමට ලක් වීම ආදී බොහෝ දේවල් ඒ  අතර වෙනවා .නමුත් අවබෝධයෙන් කටයුතු කළ හොත් මේ  සියල්ලම එක්තරා අන්දමකට පාලනය කිරීමේ හැකියාව අප සතුයි.වයස අවුරුදු 30න් පසු ඔබ මෙන්න මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ හොත් වයසට වඩා තරුණ නිරෝගීමත් සිරුරක් දිගු කාලයක් පවත්වා ගැනීමට ඔබට හැකි වේවි .

උසට අනුව නියමිත බර පවත්වා ගෙන යාම හරිම වැදගත් .
ඒ වගේ ම නිසි ලෙස ව්‍යායාම කිරීම මඟින් ශරීරය මනා ක්‍රියාකාරිත්වයකින් යුතුව පවත්වා ගෙන යාමට පුළුවන් ඒ තුලින්
පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි සිදු වීමද වෙනවා.
යෝගා, ඇවිදීම ක්‍රමානුකූලව සිදු කරන ව්‍යායාම ,ක්‍රමානුකූලව සිදු කරන ක්‍රීඩා කටයුතු ,පිහිනීම , ඔබේ සිරුරේ නම්‍යශීලී බව ,තරුණ කම තව දුරටත් රැක ගැනීමට සමත් වෙනවා .
ඒ වගේ ම නිවැරදි ඉරියව් පවත්වා ගැනීමත් හරි ම වැදගත් බව අමතක කරන්නට එපා .උදාහරණයක් විදියට වකුටු වී පුටුවල වාඩි වෙන්නට පුරුදු වූ ඔබ කොන්ද සෘජුව තබාගෙන වාඩි වීම හරිම වැදගත්.ඒ ඔස්සේ සිරුරට ඇතිවන අවලස්සන පෙනුම ට අමතර ව අස්ථි පද්ධතිය නිරෝගී ව.තබා ගන්නටත් ඔබට පුළුවන් .

ආහාර පිළිබඳ නිවැරදි විනයක් ඇති කරගන්න නම් වෙනවා.නව යෞවන වියේ දී වගේ නොව බොහෝ කෑම ශරීරයට අනවශ්‍ය බර ලෙස එකතු විය හැකි කාලය ක් වෙතටයි ඔබ එළැඹ සිටින්නේ.ඒ නිසා අනිවාර්යයෙන්ම පෝෂණය ගැන පමණක් සිතා ආහාර ගැනීම වැදගත් වෙනවා .
පලතුරු පලා වර්ග ප්‍රෝටී ,කැල්සියම් නිසි පමණින් ගැනීම වගේ ම,පිටි ආහාර ,තෙල් ආහාර අවම කිරීම වැදගත් .කෙටියෙන්ම කිව්වොත්  ඕනම දෙයක් කාල හිටපු කාලෙ ඉවරයි.

වතුර කියන්නේ දිව්‍ය ඖෂධයක් බව ඔබ තේරුම් ගන්නේ වයස අවුරුදු 30 පසු වූ පසුව යි.දිනකට ජලය ලීටර් තුනක් පමණ පානය කිරීමට අමතක කරන්න එපා .ඉන් සම වියලීම අවම වී සමේ තරුණ බව ආරක්ෂා වෙනවා.

සිරුරේ හෝමෝන වෙනස් වීම ,තමා වයසට යන බව දැනෙන සලකුණු ආදිය නිසා  වගේම
ජීවිතයේ වගකීම් ,වෙනදාට වඩා වගකීම් සහගතව ඉටු කරන්නට වීම නිසා ඔබ ආතතියට පත් වීමට පුළුවන් .මානසික සුවතාවය සම්පූර්ණයෙන්ම සිරුරේ නිරෝගීතාවයට බලපාන බව අමුතුවෙන් කිව යුතු නැහැ .නිසි පෝශණ ය,ව්‍යායාම ,භාවනාව  වගේම සංගීතය ඔබව ආතතියෙන් මුදවා ගන්නවා.

වයස අවුරුදු තිහ පසුවීමත් සමඟ  මුහුණේ සම එල්ලා වැටීම ,පියයුරු වල සම එල්ලා වැටීමට ඇති ඉඩකඩ වැඩි වීම වැඩි වෙනවා .එම නිසා මුහුණ ට වගේම ,පියයුරු  සඳහා ද නිසි ව්‍යායාම කිරීම වැදගත් .
සමට පෝශනය ලැබෙන ආහාර ලබා ගන්න උනන්දු වෙන්න.

තත්වයෙන් උසස් ආලේපන භාවිතයට යොමු වීම වගේම සමෙහි තෙතමනය පවත්වා ගැනීම මේ ගැන වඩාත් අවධානය යොමු කිරීම වැදගත් .විශේෂයෙන්ම නයිට් ක්‍රීම් එකක් ආලේප කිරීම වගේම ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් පාවිච්චියට සුදුසු කාලය දැන් ඇවිත් .

විශේෂයෙන්ම පහත දක්වා ඇති වෙද්‍ය  පර්‍යේශන  සෑම වසරකම  අනිවාර්යයෙන් කරගැනීම හරිම වැදගත්

ඉතින් අවුරුදු 30 න් පසුවත් ප්‍රීතිමත් ,සුන්දර , නිරෝගී කාන්තාවක් ලෙස ජීවිතේ විඳින්න නම් මේ පුරුදු අමතක කරන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here