අවුරුදු මේසේ හැඩකාරී “කොකිස්”

0
23


රෂිකා හෙන්නායක අප්‍රේල් 12 කොළඹ LNW :

ගොඩක් දෙනෙක් අවුරුදු කැවිලි පෙවිලි අතර වැඩිපුර කැමැත්තක් දක්වන කෑමක් තමයි මේ කොකිස්. සාමාන්‍යයෙන් කොකිස් සකසන විදිහ ඒ තරම් අමාරු නොවුණත් මෙදා සැරේ අවුරුද්දට කොකිස් හදනකොට මෙන්න මේ වගේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් කලොත් වෙනදා රසට වඩා වෙනස් රසකින් කොකිස් සකසගන්න පුළුවන් වෙයි කියලා හිතුණා.

බලමු කොහොමද කොකිස් හදාගන්නේ කියලා..

අවශ්‍ය ද්‍රව්‍ය : සුදු කැකුළු හාල් ග්‍රෑම් 300, මිටි කිරි කෝප්ප 2, සීනි මේස හැදි 2, බිත්තර 1, ලුණු ස්වල්පයක්

සාදන ආකාරය : හාල් පැයක් පමණ පෙගෙන්නට තබා කොටා ගන්න , කොටා ගත් පි ටි හොඳින් හලා ගන්න, හලා ගත් පිටි ,සීනි ,ලුණු හා බිත්තර භාජනයකට දමා එයට පොල් කිරි ටික ටික එක් කරමින් අනා ඝණ මිශ්‍රණයක් සාදා ගන්න, ගැඹුරු තෙලේ බැදීම සදහා තෙල් රත් කර කර ගන්නා අතර තුර කොකිස් අච්චුවද තෙලේ බහා රත් කර ගන්න . දැන් රත් කර ගත් අච්චුව පිටි මිශ්‍රණයේ දවටා නැවතත් තෙල් තාච්චියේ ගිල්වා අච්චුවෙන් කොකිසගැලවී වන තෙක් බැද ගන්න

අවශ්‍ය ද්‍රව්‍ය -: අවශ්‍ය පමණට කරපිංචා සහ සුදු ලූනු, හාල් පිටි/ පාන් පිටි, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට, උකු පොල් කිරි කෝප්පයක්, බිත්තර 1ක්

සාදාගන්නා ආකාරය -:

පළමුව පිටිවලට ලුණු සහ කහ අවශ්‍ය ප්‍රමාණයට එකතු කර හොදින් කවලම් කරගෙන, ඉන පසු සිහින්ව කපාගත් කරපිංචා ඒ මිශ්‍රණයට එකතු කරන්න.. එයට බිත්තරය එකතු කරගන්න. ඉන් පසුව එයට උකු පොල් කිරි අවශ්‍ය පරිදි එකතු කර ගනිමින් මිශ්‍රණය හොදින් කවලම් කරගන්න. පසුව තෙල් තාච්චියේ රත් වෙන්න තැබූ කොකිස් අච්චුවෙන් ගැඹුරු තෙලේ බැද ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය : හාල් පිටි 250g, පොල් ගෙඩියක උකු කිරි කෝප්ප 1 1/2 , බිත්තර 1 , රස අනුව ලුණු, චොප් කර ගත් සුදුළූණු 3, හීනියට කපාගත් කරපිංචා ඉති 2, සැර අනුව මිරිස්කුඩු, බැදීමට තෙල්

සාදන ක්‍රමය:



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here