අවුරුද්ද රසවත් කරන රස කැවිලි

0
14


අවුරුද්දට නිවසට එන අමුත්තන්ට නිතර හමු නොවන රස කැවිලි වලින් සංග්‍රහ කරන්න ලැබෙනවා නම් එය දෙගොල්ලන්ගේම ප්‍රීතියට හේතුවක් වේවිඉතින් මෙන්න මේ කැවිලි ඔබේ අලුත් අවුරුද්ද තවත් ප්‍රීතිමත් කරාවි.


කිරි බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සීනි ග්‍රෑම් 500
  • පිටි ග්‍රෑම් 750
  • බටර් ග්‍රෑම් 250
  • ටින් කිරි ටින් බාගයක්

සාදන ක්‍රමය:

පිටිසීනිලුණු සහ බේකින් පවුඩර් බඳුනකට දමා කලවම් කර බටර් ද එකතු කර හොඳින් මිශ්‍ර කරන්නඑයට කිරි එකතු කර හොඳින් මෘදු වනතුරු අනන්නදැන් මිශ්‍රණය ලෑල්ලක තුනීකර කැමති හැඩයට කටර් එකකින් කපන්නබටර් තැවරූ තැටියකට පිටි ඉසින්නකපා ගත් බිස්කට් ඒ මත තබා විනාඩි 20 ක් සෙන්ටිග්‍රේඩ් අංශක 160 උෂ්ණත්වයක විනාඩි 20 බේක් කරගන්න.


රට ඉඳි ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඇට ඉවත්කළ රට ඉඳි ග්‍රෑම් 500
  • සීනි ග්රෑම් 300
  • පොල්කිරි මිටි කෝප්ප එක හමාරක්
  • වැනිලා ස්වල්පයක්
  • බටර් ස්වල්පයක්
  • කජු ග්‍රෑම් 50
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:

පතුල ඝනකම් බඳුනක් ගෙන එයට මිටිකිරිසීනිදමා ලිප තබා උකුවන තුරු හැඳි ගාමින් උතුරුවන්න.එයට වැනිලාකුඩාවට කපා ගත් රට ඉඳිලුණු සහ කපාගත් කජු කැබලි දමා ඝන වී ගෙන එන විට බටර් තවරා ගත් තැටියක අතුරා කැබලි කපන්න.


වට්ටක්කා මස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • වට්ටක්කා ග්‍රෑම් 500
  • රුලං ග්‍රෑම් 200
  • සීනි ග්‍රෑම් 600
  • එළඟි තෙල් මේස හැඳි 2
  • රෝස එසෙන්ස් තේ හැඳි 1
  • කරදමුංගු කුඩු තේ හැඳි බාගයක්
  • වතුර අඬු කෝප්ප 1

සාදන ක්‍රමය:

රුලං ඇල් වතුර අඬු කෝප්පයේ පොඟවන්න.වට්ටක්කා වල පොත්ත සහ මදය ඉවත් කර ග්රෙටරයකින් ගාන්න.ගාගත් වට්ටක්කා පිරිසුදු රෙදි කඩකට දමා මිරිකන්නදැන් පොඟවා ගත් රුලං සහ වට්ටක්කා සහ සීනි බඳුනකට දමා ලිප තබා ඝන වනතුරු හැඳි ගාන්න.එයට එළඟිතෙල්,රෝස් එසෙන්ස්කරදමුංගුලුණු ස්වල්පයක් දමා කලවම් කර ඝන වූ පසු බටර් තවරා ගත් තැටියකට දමා කෑලි කපන්න.අවශ්‍ය නම් උඩින් කජු ටිකක් ඉසින්න.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here