අවුරුද්දට ගමේ ගිය ජනතාවට නැවත කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

0
19


අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .

ඒ අනුව මෙම විශේෂ දුම්රිය වැඩපිළිවෙළ එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ .

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ විශේෂ දුම්රිය කාලසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් සිය ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමේ හැකියාව ඇති බවයි .

ඒ අනුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට විශේෂ දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා .

තවද බදුල්ලේ සිට කොළඹ බලා පැමිණීමට දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එමගින් ජනතාවට නැවත කොළඹ කොටුව බලා පැමිණීමට හැකියාව ඇති බවද සඳහන් .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here