අලුත් haircutඑකට පළමුව මේ ගැන සිතන්න

0
5

කොණ්ඩා මෝස්තරය/haircutඑක ඔබේ පෙනුම සම්පූර්ණකිරීමට බෙහෙවින් උපකාරී වේ. මුදල් පසුම්බියට හානි නෙකර ඔබට ගැලපෙන සොඳුරු haircut එකක් ලබාගන්න මේ tips ඔබට උදව්වේවි.

පින්තූර ලබා ගන්න

මතක තබා ගන්න,  hairstylist ට ඔබේ කේශ කලාපය හැඩගන්වන්නට හැකි වූවත් ඔබේ හිතේ වැඩ කරන අදහස් කියවන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ කැමති විලාසිතාව පිළිබඳ hairstylistට අදහසක් ලබාගැනීමට ඔබ කැමති විලාසිතාවට අදාළ පින්තූර ගෙනයාම වැදගත් වේ.

යථාර්ථවාදීවීම අවශ්‍යයි

ඔබ  පින්තූර රැගෙන ගියත් එහි දැක්වෙන මෝස්තරය ඒ විදිහටම නම් ඔබේ හිසකෙස් මත ඒ හා සමාන අකාරයෙන් දිස් නොවන්නට පුළුවනි! කෙස්වල වයනය, වර්ණය, දිග ආදී සාධක මෝස්තරය වෙනස්විය හැකි බව මතක තබා ගන්න.  ඒ නිසා විවෘත මනසකින් නව මෝස්තරයක් තෝරාගන්න.

නීති රීති සන්නිවේදනය

ඔබේ කොණ්ඩය කැපීමට හෝ වර්ණ ගැන්වීම් ආදියට පෙර මිල, දිග, වර්ණය ආදිය සම්බන්ධයෙන් අදහස් හුවමාරු බවට වග බලා ගන්න. පසුව ඇතිවන ගැටළු මින් වළක්වාගත හැක.

අත් අභිනයන්

අප එකිනෙකාගේ අර්ථකතනයන් එකිනෙකාට වෙනස්. ඔබ ‘උරහිසෙ දක්වා දිග “යනුවෙන් අදහස්කරන ප්‍රමාණය hairstylist  හිතන ප්‍රමාණය වෙනස් විය හැක. එනිසා හරියටම ඔබ අපේක්ෂා කරන පෙනුම/දිග ඔබ අත් අභිනයන් සමඟ පෙන්වන්න උත්සාහ කළ යුතුයි.

මිතුරන් වන්න

අපේ මිතුරන්, අපිට හරියටම ගැලපෙනම දේ කුමක්ද කියන්න පසුබටවන්නේ නැහැ නේද? ඒ නිසා, ඔබේ කේශලාවන්‍ය ශිල්පියා සමඟ මිත්‍රශීලීවන්න. ඔබට ගැලපෙනම කොණ්ඩා මෝස්තර තෝරාගැනීම සඳහා අනගි සහායක් ලැබේවි.

ඔබේ කෙස් කළඹේ අලංකාරවත් පෙනුමටහැඩගන්වා ගැනීමට යාමේදී මෙම කරුනු පිළිබඳව සැලකිලිමත්වුවහොත් වඩාත් යහපත් ප්‍රතිඵලයක් ලබාගත හැකිවනු ඇත.

– කල්හාරී –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here