අලුත් අවුරුදු සමය තුලදී සුරාබදු වැටලීම්වලදී පුද්ගලයින් 1320ක් අත්අඩංගුවට

0
22


සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුලදී ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිපව්‍යාප්තව (2025.04.03 – 2025.04.12)  දක්වා සුරාබදු අපරාධ වැටලීම් 1320ක් සිදු කර පුද්ගලයින් 1320 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සඳහා සුරාබදු ස්ථාන 58කින්, විශේෂ මෙහෙයුම් ඒකක 05කින් සහ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් සුරාබදු නිළධාරීන් නවසීයකට ආසන්න ප්‍රමාණයක් දායක වී තිබෙන බවයි ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ 
    
ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් 2025 අප්‍රේල් මස 03 වැනි දින සිට 2025 අප්‍රේල් මස 17 වන දින දක්වා නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය දිවයින පුරා ව්‍යාප්තවීම වීම වැලැක්වීම සහ සුරාබදු ආදායම ආරක්ෂා කරගැනීමද සමාජ ආරක්ෂණය තහවුරුකිරීමද අරමුණු කරගනිමින් මෙම විශේෂ වැටලීම් වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ. 

වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ මහජනතාව විසින් කෙටි දුරකථන අංක 1913 මගින් සුරාබදු මෙහෙයුම් මැදිරිය වෙත යොමු කරන ලද පැමිණිලි මත වන අතර ඒ සඳහා තොරතුරු ලබාදුන් මහජනතාවට ග්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්තූතිය පුද කර  සිටිනවා.

සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා  1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද, [email protected]  විද්‍යුත් තැපෑල මගින් ද පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා 

සුරාබදු නිලධාරීන් විසින් (2025.04.03 – 2025.04.12)  දක්වා සිදු කරන ලද සාර්ථක වැටලීම් පිලිබද වර්ගීකරණය පහත පරිදි වේ‍.

 

   

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here