අලුත් අවුරුදු “නැකැත” යනු කුමක් ද?     

0
14


රට පුරා සිංහල හා දෙමළ ජනතාව අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වන විටත් සූදානමින් සිටිනවා. 

සූර්යයා හා කෘෂිකර්මාන්තය සමඟ බැඳුණු සංස්කෘතික උළෙලක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට කුඩා දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා සෑම අයෙකුගේම ජීවිතය අලුත් කරන මහා මංගල්‍යයක් වනවා. 

තාක්ෂණික දියුණුවත් සමඟ සමාජය කොතෙක් දුරට පරිවර්තනය වූවත් අතීතයේ සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් අලුත් අවුරුදු සැමරීමට මෙරට ජනතාව කිසිවිටෙකත් අමතක කරන්නේ නැහැ. 

මෙවරත් අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටු කිරීමට මෙරට ජනතාව සැදී පැහැදී සිටින්නේ අතීතයෙන් උරුම වූ යහපත් ගුණාංග මතු පරපුරට ද උරුම කරදීමේ අරමුණින් යුතුවයි.

අලුත් අවුරුදු සමයේ වඩාත් කතාබහට ලක්වන “නැකැත” යනු කුමක් ද?     

මේ, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා.

Neth Sound · PROF KALUARACHCHI 01

ප්‍රවීණ දේශකයෙකු වන උදයා දේවාමුල්ල මහතා “අලුත් අවුරුද්ද” යනු කුමක්දැයි මෙලෙස විස්තර කළා.

Neth Sound · UDAYA 01


සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව අද දින අපර භාග 08.57ට පුණ්‍ය කාලය උදා වනවා. 

 

එතැන් සිට හෙට දින පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අද දින අපර භාග 08.57ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි අලුත් අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන් වන්නේ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here