අලුත් අවුරුදු දා සිදු වූ ඛේදවාචකය

0
22


ඊයේ (14) පස්වරුවේ ගලහ පොලිස් වසමේ කොටගේපිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු පල්ලේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ගලහ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මරණකරු වයස අවුරුදු 26 ක් වූ නවනැලිය, කොලබිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මරණකරුගේ ඝාතනයට හේතු වී ඇත්තේ පැරණි ආරවුලක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 36ක් වන කොලබිස්ස ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here