අර්බුදයන්ට පෙර සූදානම් වීම ඉතා වැදගත් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

0
4

රෂිකා හෙන්නායක මාර්තු 06, කොළඹ LNW :

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අහිතකර බලපෑම් පිළිබඳව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම, සංචාරක කර්මාන්තයේ පසුබෑම සහ විදේශ ප්‍රේෂණ අඩුවීම වැනි අවදානම් පිළිබඳව රජය කල්තියා අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි.

අර්බුදයන්ට පෙර සූදානම් වීමේ වැදගත්කම පෙන්වා දෙන ඔහු, මහජන විශ්වාසය දිනාගැනීම සඳහා පාලකයින් විසින් විනිවිදභාවයකින් යුතුව තොරතුරු සන්නිවේදනය කළ යුතු බව පවසයි.

පසුගිය කාලසීමාවේ ඇති වූ ආර්ථික කඩා වැටීමට හේතුව වූයේ තීරණ ගැනීම ප්‍රමාද කිරීම බව පෙන්වා දෙමින්, මෙවර එවැනි ප්‍රතිපත්තිමය වැරදි වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවද පෙන්වා දෙයි.

එමෙන්ම, සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග ආදර්ශයට ගනිමින් ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ප්‍රධාන වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දෙයි.

The post අර්බුදයන්ට පෙර සූදානම් වීම ඉතා වැදගත් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here