මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ.
ඉරානය ඇතුළුව මැදපෙරදිග කලාපයේ යුද උණුසුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුකරන බලපෑම සහ සිවිල් ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට වත්මන් ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන බවද රජය පවසයි.
බාධාවකින් තොරව ඉන්ධන සහ ගෑස් ආනයනය කොට බෙදාහැරීම සඳහා දැනටමත් ගෙන තිබෙන පියවර මෙන්ම පවතින තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය විසින් පත්කර තිබෙන කමිටු සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා කරුණු දැක්වීමට නියමිතව තිබේ.
Saru News
















