ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ප්‍රතිපත්ති සම්පාදනය සඳහා තරුණයින් සහභාගී කරගැනීම ආණ්ඩුව විසින් පැහැර හරිමින් සිටින අව විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.
2022 වසරේ ක්‍රියාත්මක වූ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රටේ තාරුණ්‍යයට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුළ ලබා දිය හැකි දායකත්වය ප්‍රවර්ධනය කිරීමට පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට රටේ තරුණයන්ට එක්වීමට අවස්ථාව ලබා දී 400කට ආසන්න තරුණ තරුණියන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකයන් ලෙස එක් කර ගෙන ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා තාරුණ්‍යයේ මතය සහ අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වුවත් වත්මන් රජය බලයට පත් වූ පසු ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණය අඩු කර තරුණ සහභාගිත්වය ඉවත් කර ඇති බවයි ඔහු පවසන්නේ.
අරගලය ඉල්ලා සිටි යෝජනාව ක්‍රියාත්මක වී වසර දෙකක් තුළ නව රජය පත්වී මේ තරුණයන්ට තිබූ අවස්ථාව ඉවත් කර ඇති අතර ඒ අවස්ථාවේ තරුණයන් මේ අධීක්ෂණ කාරක සභාවලින් ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය අදහස් ඉදිරිපත් කළද රජය ඊට ඇහුම්කන් නොදී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.
ඒ අනුව රජය තරුණ අරගලයේ පොරොන්දු කඩකර ඇති බව හෙතෙම අවධාරණය කරයි.
එබැවින් මේ යොවුන් නියෝජනත්වය නැවත වරක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් 25%ක්වන යොවුන් පරපුර මේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවස්ථාව ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ වගකීමක් බවත් තරුණයන්ගේ හඩ ප්‍රතික්ෂේප කර රටකට ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (28) විපක්ෂ නායක කාර්යාලයේ දී අධීක්ෂණ කාරක සභා අහිමි වූ තරුණයන් මුණ ගැසුණු අවස්ථාවේ දීය.

The post අරගලයේ ඉල්ලීම කුණු කූඩයට. ආණ්ඩුව තරුණයින් රැසකට ආංශික අධීක්ෂණ කාරක සභා දොර වහලා appeared first on LNW Sinhala.
Saru News













