“අමෙරිකාව දිනනතුරු මෙහෙයුම් පවත්වනවා”

0
4

අමෙරිකාව සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා තුරු ඉරානයට එරෙහි යුද මෙහෙයුම් පවත්වාගෙන යාම අමෙරිකාවේ අපේක්ෂාව වී ඇති බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබේ.

මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේ දී එහි අවසානයක් හෝ සීමාවන් පිළිබඳ සතුරු පාර්ශවයට හෝ වෙනත් ආකාරයකට ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු පවසයි.

ජයග්‍රහණය අරමුණු කරගනිමින් අමෙරිකාව වෙනුවෙන් මෙම සටන සිදුකරන බවද අමෙරිකාව සමඟ සටන් කිරීමට හැකියාවක් නොමැති බවට අවබෝධ කරගත් පසු ඉරානය යටත් වනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

විශේෂයෙන් මේ වන විට ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම පාහේ අවසන් වී ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ සඳහන් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here