අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ විශ්වවිද්‍යලයක වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

0
21


අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ විශ්වවිද්‍යලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 

තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

කෙසේවෙතත් මිය ගිය සිසුන් දෙදෙනා අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුන් නොවන බවයි වාර්තා වන්නේ. 

එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය ලබන 20 හැවිරිදි සිසුවෙක්. 

වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදී එරට පොලිසිය විසින් ඔහුට වෙඩි තබා තිබෙනවා. 

මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 

වෙඩිතැබීම සඳහා යෝදාගත් ගිනිඅවියක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. 

මේ වන විට එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් අදාළ වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here