Sunday, May 4, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් අමාත්‍ය විජිත හේරත් පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට වතිකානය බලා පිටත්ව යයි

අමාත්‍ය විජිත හේරත් පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට වතිකානය බලා පිටත්ව යයි

0
11


Minister Vijitha Herath leaves for Vatican for Pope's funeral

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට අද (25) වතිකානය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින් අමාත්‍යවරයා මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා වතිකානයට පිටත්ව ගියේය. අමාත්‍යවරයා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් පළමුව අබුඩාබි නුවර වෙත ගමන් කර, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් වතිකානය බලා පිටත්ව යාමට නියමිතය.
වතිකානයේ පැවැත්වෙන මෙම අතිශය වැදගත් අවමංගල්‍ය අවස්ථාවට ලොව පුරා රටවල් රැසක නායකයින් සහ නියෝජිතයින් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව සහ වතිකානය අතර පවතින සුහද දිගුකාලීන සබඳතා මෙම අවස්ථාවේදී තවදුරටත් ශක්තිමත් වනු ඇත.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ 2013 වසරේ සිට කතෝලික සභාවේ නායකයා ලෙස කටයුතු කළ අතර, උන්වහන්සේ සිය ධුර කාලය තුළ ලෝකයේ අසරණ ජනතාවගේ අයිතිවාසිකම් සහ කතෝලික සභාවේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් විශාල කැපවීමක් පෙන්නුම් කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වතිකානයේ රැඳී සිටින කාලය තුළ එරට ප්‍රධාන පෙළේ නිලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කරන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here